බඩගින්න නොදන්නා රටක් බිහිකිරීමේ අභියෝගය

”කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” මේ පාඨය වත්මන් රජයේ ප්‍රතිපත්තිය වේ. වර්තමානයේ මෙන් රට මුහුණ දෙන බරපතල ආර්ථික අර්බුද සමයන් වලදී, මහා වසංගත තත්වයන්වලදී, හදිසි අපදා තත්වයන්වලදී මෙන් විශේෂයෙන්ම අඩු ආදායම්ලාබී ජනතාවට මුහුණ දෙන්න සිදුවන දුෂ්කරතා වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් බරපතල වෙයි. මෙවැනි අවස්ථාවලදී ඔවුන් මුහුණ දෙන විශාලම ගැටළුව වන්නේ ආහාර ලබා ගැනීමේ සහ ඖෂධ ලබා ගැනීමේ දුෂ්කර තාවයයි. මේ තත්වයන් රජය සිදු කරන්නේ දිස්ත්‍රික හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ආහාර බෙහෙත් හේත් ඉඳිම්හිටුම් ආදිය ලබා දීමට පියවර ගැනීම. නමුත් මේවා කෙටිකාලයකට සීමා වෙයි. ඉන් පසුව පීඩාවට පත්වූවන් කෑවද බිව්වද කියා සොයා බැලීමක් වන්නේ නැත. රටේ ආහාර හිඟයන්ට මුහුණ දෙන්නේ මෙවැනි දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙන පිරිස පමණක් නොවේ. රැකියාවක්, කුලී වැඩක් සොයාගැනීමට නොහැකි වීමෙන් නැතිනම් ශරීරය වෙහෙසවා කටයුතු කිරීමේ නොහැකියාවෙන් පෙළීම නිසා ආදායම් නැති ජනතාවක්ද සිටී. පසුගිය කාලය මුළුල්ලේ කොවිඩ් වසංගත තත්වයේදී හා වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස පීඩාවට පත් පිරිස ඉතා ඉහළ අගයයක් දක්නා වර්ධනය විය. ආහාර හිඟය නිසා ඇතැමුන් දිවි නහ ගන්නා තැනටද පත්ව තිබූ බවත් වාර්ථා විය. මෙවැනි තත්වයන් කලාන්තරයක් තිස්සේ තිබුණ නමුත් ඒ වෙනුවෙන වන රජයේ සුබසාදන වැඩ පිළිවෙල සාර්ථකව සිදුව තිබුනේ නැත. සමෘද්දි ආදි සහනාධාර ක්‍රම ගනනාවක් ක්‍රියාත්මක වුණද ඒ විධිමත්ව සාධාරණව සිදුව නොතිබිණි. විශේෂයෙන්ම වත්මන් අර්බුද සමය තුළ මේ අඩු පාඩුව කැපී පෙනිනි. මේ වෙනුවෙන් රජයට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පැහැදිලිව පෙන්නුම් කර තිබිණි.

මේ හේතුව මත මේ වෙනුවෙන් නව වැඩ පිළිවෙලක් සැකසීම විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංයගේ වුවමණාව බවට ප්තව් තිබිණි ඒ අනුව ඔවු ජනාධිපති තනතුර බාර ගැනීමත් සමඟ දුන පොරොන්දුව වූයේ මේ රටේ කිසිවකුතු බඩගින්නේ නොතැබීමට තමන් කටයුතු කරන බවය. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාවය දේන බවය. ”කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන වත්මන් ප්‍රතිපත්තිය බිහිවන්නේ එසේය. නමුත් ඒ ඒ වෙලාවට සහන මළු ටිකක් බෙදා දී ඔන්න අපි කෙරුවා කියා අත පිහ දමා ගැනීමේ ෂේප් නියායෙන් තොරව සැම කල්හීම මෙම වැඩපිළිවෙල් ක්‍රියාත්මක් වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට මේ වන විට රජය අවහ්‍ය කටයුතු සිදුකරමින් තිබේ. කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය යන්න රටේ නීතියක් බවට පත් කිරීම දක්වා මෙම වැඩසටහන පුළුල් කර තිබේ.
ඒ වෙනුවෙන් පවතින නීතිමය ගැටලු සහ බාධා නිරාකරණය කර ගැනීමට අණ පනත් සංශෝධනය කරමින් නෛතික ප්‍රතිපාදන සකස් කිරීමද මෙ වන විට සිදුවෙමින් පවතී.

මේ වන විට සුබසාධක ප්‍රතිලාභ පනතේ කාර්යය හා කර්ත්‍යවයන් නිවැරදිව හා කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස ඉලෙක්ට්‍රොනික වාර්තා සහ ලේඛන සැකසීමට හා ඒ ආශ්‍රිතව තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමට හැකි වන පරිදි සුබසාධක ප්‍රතිලාභ පනත සංහෝධනය කිරීමට අදාල පියවර පසුගියදා සිදු කරනු ලැබීය. මේ අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම (ගෙවීම ලැබීම පිණිස සුදුසු තැනැත්තන් තෝරා ගැනීම) සඳහා නිර්මාණය වන ඩිජිටල් මෘදුකාංගය (්චච) ක්‍රියාත්මක කිරීමට තිබු නෛතික බාධාවන් ඉවත් වෙනු ඇත. මෙම මෘදුකාංගය හරහා මෙරට සුබසාධන අවශ්‍ය සියළු චුරවැසියන් හඳුනාගැනීමක් වන අතර ඒ කිසිවකුත් අත් නොහැරෙන සේ අදාල සුබසාධනයන් නිශ්චිත ලෙසම සිදු කිරීමත් සිදුවෙනු ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවකට පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්ෂිතතාවයට (ත්‍දදා සබිැජමරසඑහ) මුහුණ දිය හැකි බවටත්, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් ‘ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල‘ පසුගිය වසරේ අවසාන බාගයේදී ශ්‍රී ලංකාවට අනතුරු අගවා තිබුණි. මේ බරපතල තත්වය හමුවේ රටේ සියළුම පවුල් දරිද්‍රතාවයෙන් මුදවාගෙන ආහාර සුරක්ෂිතතාවය තහවුරු කොට මන්දපෝෂණ තත්වයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා කඩිනම් ජාතික බහු-ආංශික ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහනක් කිරීමට රජය විසින් පියවර ගනු ලැබීය. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම නිලධාරී මට්ටමේ නිලධාරීන් ඇතුළත් වන පරිදි සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයව මෙන්ම පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයින්‍්, දේශපාලනඥයින් යන පුද්ගලයින් ඇතුළත් වන සේ මෙම බහු- ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ද හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී ගෙයින් ගෙට ගොස් දත්ත එක් රැස් කර දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා විවිධ තාක්ෂණික පාර්ශ්වයන්ගේ සහයෝගය ද ඇතිව මෘදුකාංගයකය නිර්මාණය කර ඇත. මෙම සියලු තොරතුරු දත්ත මෙහෙයුම් මධ්‍යස්ථානයක් (ෘ්ඒ ධචැර්එසදබ ක්‍ැබඑැර) හරහා එකතු කෙරේ. ආහාර නිෂ්පාදනය, ආහාර ලබා ගැනීමේ ගැටලු, මන්දපෝෂණ තත්වය පිළිබඳව මෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම මෙහි අවසානයේදී සිදු කිරීඹට අපේක්ෂිතය. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගණනය සිදු කෙරෙන අතර දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පමණ සංගණන කටයුතු අවසන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ ද සහාය ඒ සඳහා ලැබී තිබේ. කෙසේ නමුත් මෙම වැඩ සටහන විධිමත්ව ක්‍රියාත්මක වීම මාර්තු මස අවසානය වන විට සිදුවෙතැයි අපේකෂා කරන මුත් එතෙක් ප්‍රතිලාබ අවශ්‍ය අය ලෙස හඳුනාගෙන සිටින පිරිස් වෙත එම සහන ලබා දීම අඛන්ඩව සිදුවෙමින් පවතී.

මේ අතර ”සෑම පුරවැසියෙකුටම රටෙහි පවතින ඕනෑම තත්ත්වයකදී වුවද ක්‍රියාශීලී නිරෝගී දිවිපැවැත්මකට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සාධාරණ මිළකට ලබැගැනීමට හැකිවීම” යන දැක්ම මුල් කරගෙන රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වේ. කිසිදු දරුවෙකු මන්දපෝෂණ තත්වයට ගොදුරු නොවිය යුතුයි යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජය කඩිනම් ව්‍යාපෘති ගණනාවක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් තිබේ. ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ සමුද්ධිලාභී පවුල් සහ හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත මාසික මුල්‍ය දීමනා සහ ආහාරාමය දීමනාවක් අඛන්ඩව ලබා දීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි. නමුත් පසුව අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි. අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය. ඒ අනුව පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීමට පසුගියදා තීරණය කෙරුණු අතර එම මිලදී ගැනීම් රුපියල් බිලියන 20 ක් වෙන් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට වෙත උපදෙස් ලබා දෙනු ලැබීය. මෙහිදී ගොවි ජනතාවගෙන් කිලෝව රුපියල් 100 ගණනේ වී මිලදී ගැනීමට තීරණය කළ අතර එමඟින් ගොවි ජනතාවටද ආර්ථික සුරක්ෂිතතාවයක් ගැටලුවකින් තොරව හිමිව තිබේ. මේ අතර එම සහතික මිලට වී මිලදී ගැනීමට මහපරිමාණ මෝල් හිමියන්ද පසුගියදා ජනාධිපතිවරයා හමුවේ පොරෝනදු වි තිබිණි.

එසේම මේ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ සිදු කළ යුතු වනවා සේම එය විනිවිදභාවයකින් යුක්තව කළ යුතු කාර්යයකි. එනිසා මෙවන් වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා සියලු පුරවැසියන්ගේත් සහයෝගයද අත්‍යවශය කාරණයකි.

මේ වන විට ආර්ථික අර්බුදය නිසා අවදානමට ලක්ව සිටින පිරිස් වෙත සහන ලබාදීමේ තවත් වැඩසටහන් ගණනාවක්ම රජයේ ඉල්ලීම මත ලෝක ආහාර වැඩ සටහන සහ තවත් ජාත්‍යන්තර සංවිධාන විසින් ක්‍රියාත්මක කරමින් සිටී. රට මුහුණ දී තිබෙන මානුෂික අර්බුදය හමුවේ ජනාධිපතිවරයාා ජත්‍යන්තර ප්‍රජාවෙන් කළ ඉල්ලීම් අනුව හෝ මේ සහය ලැබීම මේ මොහොතේ අතිශය වැදගත්ය. මිළ උද්ධමනය සහ ආහාර උද්ධමනය ඉහළ අගයක් ගන්නා මෙවන් අවස්ථාවක ආහාරවල මිල ගණන් තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇත. විරැකියාව වැඩිවීම සහ ගෘහස්ථ ආදායමට එල්ල වී ඇති විශාල බලපෑම මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමත් අභියෝගයක්ව පවතින අවස්ථාවක එම වගකීම රජය අවශ්‍ය බරින් ගෙන තිබෙන බව මේ වන විට ක්‍රියාත්මක පියවරයන් අනුව පැහැදිලිය.

මෙම ආර්ථික අර්බුදය ලංකාවට පමණක් බලපාන තත්වයක් නොවේ. මෙය ලෝක ම්ටට්මෙන් පවතින අර්බුදයකි. මෙවන් අර්බුදයක් හමුවේ අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදාහැරීමේ සමස්ත යාන්ත්‍රණය කෙරෙහි මග පෙන්වීම හා අධීක්ෂණය කිරීම මෙන්ම, විවිධ පරිපාලන මට්ටම්වලදී සමාජය තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි පිරිස් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදු වෙමින් පවතී. ”ආහාර ප්‍රතිපත්ති කමිටුව” ස්ථාපිත කිරීමද මෙහි එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වේ.

මේ අතර පාසල් 7,926ක සිසුන් මිලියන 1.08ක් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ වියදමකින් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම ද රජයේ අපේක්ෂාව වේ. පාසල් දරුවන් යනු රටේ අනාගතයයි. ඔවුන් අනාගතයේ දී නිරෝගී සෞඛ්‍ය සම්පන්න මිනිසුන් ලෙස ශ්‍රම බලකායට එක් වීමට නම් මෙම අර්බුද අවස්ථාවේ දී ඔවුන්ගේ සුබසාධනය සැපයීමට ප්‍රමුඛතාවය දිය යුතුය. එමෙන්ම සමස්තයක් වශයෙන් නීරෝගි ජනතාවක් බිහිකිරීම අරමුණ ඇතිව පුරවැසියන්ට සෞඛ්‍යය සම්පන්න ආහාර පරිභෝජනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතුය. ඒ අනුව ආරක්ෂිත ආහාරමය පරිසරයක් පැවතීම ඇතුළුව පෝෂණ තත්වය යහපත්ව පවත්වාගෙන යාම කෙරෙහි බලපාන විවිධාකාර වූ ගැටලුවලට සාර්ථකව විසඳුම් ලබා දීම වෙනුවෙන් “ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 2030” ක්‍රියාත්මක වීමට ද නියමිතය.

ඒ අනුව ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වී සිටින සහනාධාර අවැසි ජනතාවට රජය විවිධාකාරයේ සුබසාධක වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. විශේෂයෙන් සමෘද්ධි ප්‍රතිලාබ මුදල වැඩි කිරීමද සිදුව තිබිණි. ඊට අමතරව ගර්භණී මාතාවන්ට දෙන මාසික පෝෂණ දීමනාව, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව ද ඇතුළත් වේ. මේ අනුව අනාගත සමෘද්ධිමත් ශ්‍රී ලංකාව ගොඩනැඟීම වස් ඇවැසි නිරෝගී ජනතාවක් බිහිකර ගැනීමේ පදනම ද මේ වන විට ගොඩනඟා අවසන්ය. කොහොම නමුත් ප්‍රතිපත්තියක් ,සැලසුමක්, අනාගත ඉලක්කයක් සහිතව නිවැරදිව දුරදක්නා දැක්මක් සහිත නායකත්වයක් රටට අවශ්‍ය අවස්ථාවේ ලැබී තිබීම මේ සියල්ල පිටුපස ඇති රහසය.