IMF දෙවන කඩුල්ල පැන ගැනීමට රජය සමත් වෙයිද?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාවයන් සහ එහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ගැන නිරන්තර අවදියෙන් සිටින මෙරට මුල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන Verite research ආයතනය පසුගියදා ප‍්‍රසිද්ධ කළ වාර්තාවකින් කියවුණේ පසුගිය අගෝස්තු මාසය වන විට මෙම නිර්දේශවලින් සියයට 38ක් පමණක් සම්පූර්ණ කර ඇති බවය. සියයට 43ක් ඉටු කිරීම ආරම්භ කර ඇති බවත් සියයට 08ක් ඉටුකිරීම සිදු කර නොමැති බවත් සියයට 11ක් ගැන තොරතුරු නැති බවත් පෙන්වා දී තිබිණි. මේ අනුව මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීම අවිනිශ්චිත බවට මතයක් මෙම`ගින් ලබා දී තිබිණි. කොහොම නමුත් රජය මෙම නිර්දේශයන්ගෙන් බහුතරයක් ක‍්‍රියාත්මක කර හෝ කරමින් ඒ වෙනුවෙන් ඇති කැපවීම පෙන්වා ඇති බව පැහැදිලිය. එමෙන්ම බංකොලොත් භාවයට ඇද වැටී තිබුණ රට, යළි මුළ සිට පටන් ගැනීමට සිදුව තිබුණේ අසීරුම කොන්දේසි රැසක් ඉටුකරමින් යන දුෂ්කර මාවතක් ඉදිරියේය. එය දිනෙන් දින අදියරෙන් අදියර ඉදිරියට යමින් තිබෙන බව ද පෙන්වා ඇත.
මුල්‍ය අරමුදලට රට වැටී තිබුණ තැනින් ගොඩගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම පහසුය. නමුත් මේ රටේ ආර්ථික ක්ෂේත‍්‍රය අවුල් වියවුල් වී තිබුණ තත්වයන් අනුව ඒ ක‍්‍රියාත්මක කිරීමේ පහසුව රජයට තිබුණේ නැත. යම් ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, ක‍්‍රමවේදයක් අනුව සැකසුණු ආර්ථිකයක් රටේ තිබුණා නම් මේ කියන දේවල් සුළු එහා මෙහා කිරීමකින් නැවත සැකසිය හැකිව තිබිණි. එමෙන්ම දශක ගණනාවක් තිස්සේ හුරු වුණ ජරාජීර්ණ පද්ධතියක් පැලැස්තර විසඳුම් ම`ගින් එහා මෙහා කරමින් ක‍්‍රියාත්මක වුවා හැර එය නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ගවලට ඉඩක් ලැබුණේද නැත. දේශපාලනික හා වෘත්තීය සමිති බලපෑම්, සමාජ සංස්කෘතික ආකල්ප ආදිය නිසා නිවැරදි කිරීම් තේරුම් ගැනීම, රටට කරන හතුරුකම් ලෙස නාමකරණය විය. අදත් මුල්‍ය අරමුදල පෙන්වා දී තිබෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ට බාධාවන් රැුසක් එල්ල වී තිබේ. ආදායම් බදු සංශෝධනයට, දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට, ඉන්ධන විදුලි බිල් ආදිය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කරන මිල සුත‍්‍රයන්ට එරෙහිවීම් මෙන්ම රාජ්‍ය ව්‍යවසායක ප‍්‍රතිව්‍යුහගත කිරීමට තිබෙන සාම්ප‍්‍රදායික විරෝධතා ආදී ලෙස බරපතල බලපෑම සහගත තත්වයන් අනුව මුල්‍ය අරමුදලේ නිර්දේශයන් කෙතරම් නිවැරදි වුවත් අනිවාර්ය වුවත් රජයට එම ක‍්‍රියාමාර්ග ගැනීමේදී මුහුණ දීමට තිබෙන අභියෝග සුළු පටු නැත. මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ රාජ්‍ය අංශයේ දුෂණ වැළැක්වීමේ පියවරක් ලෙස නව දුෂණ විරෝධී පනත නීතියක් ලෙස සම්මත කරගැනීමට සමත් වූවද එය පවා මුළුමනින්ම ක‍්‍රියාත්මක වීම තවත් වසර දෙකක් පමණ පමාවනු ඇත. මන්ද ඒ සඳහා විශේෂඥ කාර්ය මණ්ඩලයක් බිහිකර ගැනීමේ අභියෝගය පවතින බැවිනි. එලෙසම ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ට අදාලව අණ පනත් රෙගුලාසි විශාල ප‍්‍රමාණයක් පනවා තිබුණද ඒවාද නියමිත පරිදි ක‍්‍රියාත්මක වීමට යම් කාලයක් ගත වෙනු ඇත. රාජ්‍ය සේවයේ අටුවම් බැහැගත්තු ක‍්‍රමවේද නිසා රාජ්‍ය මුල්‍ය විනය සහතික කිරීමේ නව ක‍්‍රමවේදයන් සැකසීම, තාක්ෂණික පහසුකම් සලසා ගැනීමේ ගැටළු නිසා ඩිජිටල්කරණය ආදිය තවදුරටත් ප‍්‍රමාදව තිබේ. මේ ආකාරයෙන් රජය යම් ලෙසකින් හෝ අවංකව මෙම කටයුත්තේ යෙදී සිටියද ඊට බාධාකාරී වන වාතාවරණයන් හමුවේ ප‍්‍රමාද වීම් සාමාන්‍ය තත්වයකි. නමුත් වැදගත්ම දේ රජය ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් තමන්ගේ කැපවීම පෙන්වා තිබිමය.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිදා ලෝක බැංකු සභාපති අජේ බංගා හමුවේත් සහතික කරසිටියේ අනිවාර්යෙන්ම මුල්‍ය අරමුදල සමඟ මේ ගමන යන බවය. එහිදී දැනට ශ‍්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප‍්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බවත් ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රශස්තකරණ වැඩසටහනද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බවත් පෙන්වා දී තිබුණු අතර ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයට පත්කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පවසා තිබිණි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක‍්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් පසුගිය ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාවට දියුණුවේ ස්වර්ණමය දොරටුවක් විවර කර දී ඇති බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. මේ අනුව මේ කඩඉම පැන නොගතහොත් රටට අනාගතයක් නැති බව ජනාධිපතිවරයා සහතිකවම දැනගෙන කටයුතු කරමින් තිබෙව බවත් පැහැදිලිය.
මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් තිරය පිටුපස සිට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද පසුගිදා අවධාරණය කර තිබුණේ, ශ‍්‍රී ලංකාවට සිය ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයෙන් බැහැර වීමට හැකියාවක් නොමැති බවත්, එසේ කිරීමෙන් නැවත වරක් සමාජ හා ආර්ථික අස්ථාවරත්වයක් ඇති විය හැකි බවත්ය.
කෙසේ නමුත් මුල්‍ය අරමුදලේ ඩොලර් මිලියන් 330ක දෙවන ණය වාරිකය ලබාදීම වෙනුවෙන් මේ වන විට ජාතන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ නිර්දේශ ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රගතිය අඩුපාඩු සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදී සිටි. ඒ අනුව ඔවුන් සෑහීමකට පත් වේ නම් දෙවන වාරිකය ලබාදීම සිදුවෙනු ඇත. කෙසේ නමුත් මේ වන විට ඇතැම් ක‍්‍රියාමාර්ග ප‍්‍රමාදයන් සිදුව ඇති බව සත්‍යයකි. මුළින් ඉලක්ක කළේ මෙම සැප්තැම්බර් මස අවසන් වන විට මේ කටයුතු සම්පුර්ණ වෙනු ඇති බවය. නමුත් ප‍්‍රධාන නිර්දේශයක් වූ විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්පුර්ණ වීමට ඔක්තෝබර් මස අවසානය දක්වා වෙනු ඇතැයි පැවසේ. ඊට එක් හේතුවක් වුයේ දේශීය ණය ප‍්‍රතිවුහගත කිරීමට එල්ල වූ බාධාවන් හමුවේ එය ප‍්‍රමාද වීමය. අනෙක් කරුණ ප‍්‍රධාන ණයහිමියකු වන චීනය නිශ්චිත තීරණය දැනුම් දීම ප‍්‍රමාද වෙමින් තිබීමය. නමුත් රජය අපේක්ෂා කරන්නේ ඔක්තෝබර් මස අවසන් වන විට මෙය සම්පුර්ණ කරගත හැකි වනු ඇති බවය.
කොහොම නමුත් මුල්‍ය අරමුදලේ සමාලෝචනය රටට සුබදායක වෙනු ඇති බව රජය විශ්වාස කරයි. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී තිබුණේ, පළමු සමාලෝචනයේදී අප හොඳ තත්වයේ සිටින බවත් පැමිණ සිටින මුල්‍ය අරමුදලේ කණ්ඩායම මෙම වැඩසටහනේ පැති ගණනාවක් සම්බන්ධයෙන් සාධාරණ ලෙස සෑහීමකට පත් වනු ඇති බවත්ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව මූල්‍ය අංශයෙන් ඇතැම් ඉලක්ක අභිබවා ගොස් ජයග‍්‍රහණය කර ඇති බවත් පෙන්වාදී තිබිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද, රජය දැනටමත් ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ පියවර ගෙන ඇති නිසාත්් ශ‍්‍රී ලංකාව සිය වගකීම් ඉටු කර ඇති තත්වයන් හමුවේ දෙවන වාරිකය ලබාගැනීමේ ගැටලූවක් නොමැති බව පවසා තිබිණි.
කොහොම නමුත් මීට වසරකට පමණ පෙර විපක්ෂ අදහස් ඇති බොහෝ දෙනා කල්පනා කළේ මුල්‍ය අරමුදලේ සහයවත් ලබාගැනීමට නොහැකි වනු ඇති බවය. එසේම නිර්දේශ ක‍්‍රියාත්මක කළ නොහැකි වනු ඇති බවය. නමුත් රජය අවශ්‍ය පියවරයන් ගත්තේය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පසුගිය ජූලි මාසයේදී සියයට 6.3 දක්වා පහත දමා ගැනීමට රජය සමත් විය. ඉහළම උද්ධමන අනුපාතය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 69.8ක් ලෙස වාර්තා විය. බදු ප‍්‍රතිසංස්කරණයන් ම`ගින් රාජ්‍ය අදායම ඉලක්ක කළ අගය ආසන්නයට වැඩි කරගැනීමට සමත් විය. රාජ්‍ය වියදම් නාස්තිය දුෂණය විශාල ලෙස අඩු කරගැනීමට හැකි විය. අපනයන ආදායම්, සංචාරක කර්මාන්ත ආදායම්, විදේශ පේ‍්‍රෂණ වැඩි කරගැනීමට සමත් විය. ඉන්ධන, ආහාර, පොහොර, ඖෂධ හිඟය විසඳන ලදී. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ජනතාවට අත්‍යවශ්‍ය ආර්ථික සහන වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට හැකි විය. මේ ජයග‍්‍රහණයන් රටට ජනතාවට ලැබුණේ ජනාධිපති රනිල් අප‍්‍රතිහත ධෛර්යයකින් යුතුව ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් දියත් කිරීමට දැඩිව කටයුතු කිරීම තුළය. එමෙන්ම ඉදිරියේදි ජය ගතයුතු වූ ඉලක්ක රැුසක් වෙනුවෙන් අවශ්‍ය මුලික පියවරයන්ද ගෙන තිබේ.
කෙසේ නමුත් මේ දක්වා රට ගෙන ආවේ, අසීරු සංකීර්ණ ප‍්‍රතිසංස්කරණයන් රැුසක් ඉටුකිරීමට සමත් වීම මතය. මුල්‍ය අරමුදලේ නිර්දේශයන් රටට සතුරු ආක‍්‍රමණය යැයි කියමින් හන්දි ගානේ උද්ඝෝෂණ කරන පිරිස් මේ දුෂ්කරතාවය ගැන දන්නේ නැත. තම තමන්ගේ හුදු පාර්ශ්වික ඉල්ලීම් හෝ වෙනත් දේශපාලනික බඩගෝස්තර ඉල්ලීම් පමණක් දිනාගැනීම වෙනුවෙන් දියත් කරන ආණ්ඩු විරෝධී ක‍්‍රියාමාර්ග නිසා රටම අර්බුදයකට ඇද වැටෙන බව දන්නේ නැත. දැනුවත් වුවත් එය නොතකා කටයුතු කිරීමේ ජඩකමද මේ අය පෙන්වා තිබේ. මේ මොහොත යනු සෑම සියලූ පාර්ශ්වයක් විසින් යම් කැපකිරීමක් දරා ගැනීමට වන වකවනුවකි. රට මුහුණ පා සිටින ණය අර්බුදයන්, ආදායම් අර්බුදයන් යම් පිළිවෙලකට විසඳා ගැනීමේ වැඩපිළිවෙලක් ගොඩනගා ගන්නා තෙක් යම් යම් පිඩාවන් සියලූ පාර්ශ්වයන්ට විඳ දරාගැනීමට සිදුවෙනු ඇත. පසුගිය වසර තුළ මුහුණ දුන් පීඩාකාරී අත්දැකීම් අනුව අද මෙය අතිවිශාල ප‍්‍රමාණයකින් පහව ගොස් යම් පහසුවක් අත්විඳීමේ හැකියාව ලැබී ඇති බව කාටකාටත් අවබෝධයක් තිබේ. නමුත් තවමත් රජය සිටින්නේ එතරම් පහසු තැනක නොවේ. තව වසර කිහිපයක් යනතුරු ආර්ථිකය කඩා නොවැටී වර්ධනීය මාවතට ඇද දැමෙන තුරු රජයට අසීරුතම කාර්යභාරයක නිරත වීම අනිවාර්යක්ව තිබේ. එයින් පිට පැනිය නොහැක. මේ කාලය තුළ දේශපාලන හැල හැප්පිලි, වෘත්තිය සමිති ක‍්‍රියා, ජනතාවගේ දුක් අඳෝනා සියල්ල විඳගෙන රජයට මෙම කටයුත්ත සාර්ථක කරගැනීමකින් විනා වෙනත් ගොඩයෑමක් ගැන කල්පනා කළ හැකි අවස්ථා හමු නොවේ. විපක්ෂ කොටස් රජයේ වැඩපිළිවෙල ගැන මොන දේ දෙඩෙව්වත් ඔවුන්ට ඇති වෙනත් විසඳුමක්ද නැත. විපක්ෂය රට භාරගත්ත ද කළ යුතු වන්නේ මෙම ක‍්‍රියාදාමයම ඉදිරියට ගෙන යෑම පමණය. දේශපාලන ගැලරි පිනවීම වෙනුවෙන් කරන කටමැත දෙඩවීම් අනුව මේ අය වෙනත් අතකට හැරීම යනු රට යළි බංකොලොත් වීම හැර වෙනකක් සිදු නොවෙන බවය.
එම නිසා පවතින පීඩාකාරිත්වයන් ඉවසීමෙන් විඳ දරාගෙන රජය කෙරෙහි විශ්වාසය රඳවා ගැනීම විය යුතුය. මෙහිදී රජය විශ්වාස කළ හැකිද යන ගැටළුව පැන නැගීම විය හැකි වුවත් මෙතෙක් රජය මේ වෙනුවෙන් කරන කැපකිරීම හා මෙතෙක් රටට ලබා දුන් ජයග‍්‍රහණ අනුව රජය විශ්වාස කිරීමට බාධාවක් නැත. එහෙත් ජනතාව රජය විශ්වාස කිරීමට පෙළඹීම විපක්ෂයේ දේශපාලනයට බාධාකරන බැවින් එම විශ්වාසය කඩකිරීමට අවශ්‍ය, කළ හැකි සියලූ දේ කිරීම විපක්ෂය සිය කාර්යභාරය කරගෙන තිබෙන බවත් පැහැදිලිය.
පසුගියදා ඉහත සඳහන් කළ වෙරිටෙ රිසර්ච් ආයතනය විසින්ම තමන් කළ සමීක්ෂණයක් ලෙස යම් වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබිණි. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මුල්‍ය අරමුදලේ වැඩසටහන ම`ගින් රටේ ආර්ථිකය යහපත් වෙනු ඇති බවට විශ්වාස කරන්නේ රට වැසියන්ගෙන් සියයට 28ක් පමණක් බවය. ඉතා පැහැදිලිව මෙම ඊනියා සමීක්ෂණය, රටේ බහුතර ජනතාවක් මේ මොහොතේ සිටින්නේ ආණ්ඩුවට විරුද්ධ මතයක බව පෙන්වීමට කළ තක්කඩි උත්සාහයකි. මන්ද යත් මේ සමීක්ෂණයට යොදාගෙන තිබුණේ මිලියන 22කට වැඩි ජනතාවක් අතුරෙන් පුද්ගලයන් 1008 දෙනෙකු පමණය. ඔවුන්ගෙන් ”IMF වැඩසටහන රටේ වර්තමාන සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද?” කියන ප‍්‍රශ්නයට උත්තරය විමසා තිබිණි. මෙවැනි ප‍්‍රශ්නයකට සාධාරණ උත්තරයක් දෙන්න නම් මෙම වැඩසටහන සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන පුර්ණ දැනුම්වත් භාවයක් තිබිය යුතුය. කිසිවක් නොදන්නා වුන්ගෙන් මේ ප‍්‍රශ්නය අසා වැඩක් නැත. වැඩසටහන අසාර්ථක යැයි කියන්නත් ඒ ගැන දැන සිටිය යුතුය. නමුත් මේ 1008 දෙනාගෙනුත් සියයට 27ක් පිළිතුරු දී නොමැත.
විපක්ෂය දැන් කරේ තියාගෙන යන්නේ රටේ සමස්ත ජනතාවගෙන් සියයට 28 දෙනෙක් පමණක් ආණුඩුවේ වැඩපිළිවෙල අනුමත කරන බවත් බහුතරය ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරන බවත් කියන වැරදි සහගත සහ තක්කඩි අදහසය.
ඇත්තම කාරණය ගතහොත් රටේ බහුතරයකට මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණවල අගක් මුලක් තේරුම් ගැනීමේ හැකියාව නැත. මුල්‍ය අරමුදල යනු කුමක්ද කියාවත් දන්නේ නැත. මේ නිසා රටේ
බහුතරයකගෙන් IMF වැඬේ සාර්ථකද කියා ඇසුවොත් දෙන්න උත්තර නැත. කොටින්ම මේවා බහුතරයකට අදාල ප‍්‍රශ්න නොවෙයි.
මිනිස්සු දේවල් තේරුම් ගන්නේ තමන්ගේ ගැටළුවට පිළිතුරු ලැබෙන ප‍්‍රමාණය අනුවය. එදා කන්න නැතිව සිටි කෙනාට අද අස්වැසුම ලැබීමෙන් ඒ ගැටළුව විසඳුනා නම් එවැන්නකුට ආණ්ඩුව හෝ මුල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක බව කිව හැකිය. තමන්ගේ පඩි පතෙන් නඩත්තු වීම තවදුරටත් අසීරු වී ඇති කෙනෙකුට මෙම වැඩපිළිවෙල අසාර්ථක බව කිව හැකිය. රටේ අර්බුදය හමුවේ වැඩිපුර ආදායමක් ගැනීමට හැකිවූ ව්‍යාපාරිකයකුට ඒ අර්බුද විසඳුනොත් පාඩුවක් වේ. එහෙම අයකු මුල්‍ය අරමුදලේ වැඬේ සාර්ථක වීම බලාපොරොත්තු නොවනු ඇත. ඒ නිසා මේ ආදී බහුතරයකින් හෝ මුල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථකද කියා ප‍්‍රශ්න කිරීම අමු තක්කඩි වැඩකි. ඒ හරහා ජනගත කරන වැරදි අදහස්වලින් වන්නේ රජයේ වැඩපිළිවෙල, මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ වුවමණාව සන්තර්පණය කිරීමය.
මේ කොහොම නමුත් මුල්‍ය අරමුදලේ සහය මෙරටට අහිමිවීමේ බරපතල අවදානමක් තිබෙනවා යැයි පැවැසිය නොහැක. ප‍්‍රමාදවීම් සිදුවිය හැකි නමුත් රටේ වාසනාවකට මෙම දෙවන අදියර ජයගැනීමට හැකි වුවහොත් එය සහතික වශයෙන්ම රට තවත් පිම්මක් ඉදිරියට පැනීමට සමත් වීමකි.
– ජයතුංග බණ්ඩාර