ආසියාතික බලයේ ජපන් හපනාගේ භූමිකාව

ආසියා ෆැසිපික් කලාපයේ නව බලවතා නිර්මාණය වෙමින් ජපානය එකී භූමිකාවට සපැමිණ ඇත. බොහෝ බි`ද වැටීම් හා යළි නැගිටීම් තුළ දෝලනය වූ ජපානයේ සංවර්ධන මාවත ඉතා දුක්ඛිතය. ජපානය අවස්ථා දෙකකදී ආර්ථික අවපාතයන්ට මුහුණ දී ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් රාජ්‍යයකි. වර්තමානය වන විට ආර්ථික වශයෙන් ලොව බලවත්ම රාජ්‍යයන් අතර ශක්තිවන්තයෙකු වීම නිසාම බටහිර රටවලින් පිටස්තරව ඉහළ ආර්ථිකයක වැජඹීම ආසියාවේ බලවන්තයා ලෙස හැදින්වුවහොත් එය වරදක් නොවේ.

 දෙවන ලෝක සංග‍්‍රාමයෙදී ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරයෙන් විනාශ වී බිමට සමතලා වූ ජපානය ෆීනික්ස් පක්ෂියෙකු මෙන් නැගී සිටියේය. ඒ බොහෝ බටහිර කාර්මික රාජ්‍යයන් පරයා තර`ගකාරී කාර්මික කරණයක නිරත වෙමින් සිටී.

 ජපන් වග කෙසේදයත්

නැගෙනහිර ආසියා සමුද්‍ර තීරයෙහි පිහිටි ජපානය වර්ග කි.මී. 3,77619 ක දූපතක් වන අතර වෙනස් වූ දේශගුණික තත්වයන්ට සහ ගිනි කඳු හා නිරන්තර භුමිකම්පාවලට මුහුණ දෙමින්ද නව පණක් ලැබූවෙකු සේ තරගකාරී ගමනක නිරත වෙයි. වඩා වැදගත් වන්නේ ජපානයේ මානව සම්පත හා එහි ඓතිහාසික ගලාගෙන ඒමයි. දෙවන ලෝක යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1945 වන විට ජපානය දේශපාලන හා ආර්ථික වශයෙන් අතීශයින් අසීරු තත්වයකට පත්වන අතර 1945 ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි වලට පරමාණු බෝම්බ 2 ක් හෙළනු ලැබුවා පමණක් නොව කියෝතෝ නගරය හැර සියලූ‍ම නගරය මත බෝම්බ වරුසා හෙළීමෙන් ජපානය ආක‍්‍රමණය කළේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස යටිතල පහසුකම්, වරායවල්, ගමනාගමනය, පාලම්, ප‍්‍රධාන ගොඩනැගිලි සියල්ලම පාහේ හළුව ගියේය. ජපාන ආර්ථිකය බින්දුවටම සිදුනේය.

ආර්ථික විනාශය නිසා කර්මාන්ත ව්‍යාපාර බිඳවැටී ඉහළ උද්ධමනයක්,

රැකියා වියුක්තියක් නිර්මාණය වූ අතර එහෙත් යුද්ධය තුළින් ජපන් ජාතිකයන්ට ලැබුණු පාඩම වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගනිමින් යථාර්ථවාදී දේශපාලන දැක්මකට එළ‍ඹෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මඟකට අවතීර්ණ වූවාය. මේ නිසාම නැවත නැගිටින ජපානය එහි සන්ධිස්ථාන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ 1960 වර්ෂයේදීය. ආර්ථික වර්ධන වේගය 14% පමණ වීමටත් ඒක පුද්ගල ආදායම බටහිර යුරෝපය මට්ටමට ගෙන ඒමටත් ජාතික ආර්ථිකය ලෝකයේ ප‍්‍රධාන ආර්ථිකය බවට පත් කිරීමටත් මෙම නැවත නැගිටීමට හැකි විය. එබැවින් මෙය දෙවන හාස්කම නැතිනම් ආශ්චර්යක් ලෙස හැදින් වේ. ස්වාභාවික සම්පත් අඩුම කාර්මික රටක් වන ජපානය ඛනිජ තෙල් අවශ්‍යතාවය 100%කින්ද ඉන්ධන අවශ්‍යතාවලින් 60%ක්ද කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 60%ක්ද ආනයනය මගින් සපුරා ගැනීම සිදුකරයි. ජපානයේ ප‍්‍රධානතම ස්වාභාවික සම්පත වන වැසි වනාන්තර සහ මුහුද වුවත් රටේ අවශ්‍යතා සඳහා දැව හා මාළුද විදේශ වලින් ආනයනය කිරීමට ජපානයට සිදුව ඇත.

ලෝකයේ බලවතෙකු වීම

පළමු ලෝක සංග‍්‍රාම යුගයේදී ජපානයේ අපනයනය වර්ධනය වූයේ ලූ‍හු කර්මාන්ත ආශ‍්‍රිතවය. එහෙත් දෙවන ලෝක යුද්ධයට පෙර වර්ෂවලදී ජපානය ක‍්‍රමයෙන් බැර කර්මාන්ත සඳහා යොමු ව තිබිණි. මේ නිසා ජපානයට සිය නිෂ්පාදන ප‍්‍රතිපත්තිය අන්තර්ජාතික වෙළෙඳපොළේ පවත්නා තත්වයට අනුකූල වන අයුරින් හැඩගැස්වීමට සිදුවිය. ඒ අනුව 1960 මැද භාගය වන විට මෝටර් රථ, කෘතිම රෙදි සහ නව විද්‍යුත් නිෂ්පාදන ආදිය ජපානයේ ආයතනවල මූලිකත්වය බවට පත්විය. තවද දේශපාලන ආර්ථික ශාස්ත‍්‍රීය වශයෙන් ජපානය සංවර්ධනය විස්තර කිරීම ඉතා යහපත් චක‍්‍ර දෙකක් වන නිපදවීමේ චක‍්‍රය හා නිර්යාථ කිරීම් චක‍්‍රය අතර අන්තර් ක‍්‍රියාවලියක් වශයෙන් හ`දුන්වාදීය හැකිය. මෙම චක‍්‍ර දෙක තුලින් ආර්ථික වෘද්ධිය ඇති කර ගැනීමට ඔවුන් සමත් වේ.

ජපන් ආණ්ඩු ක‍්‍රමයේ සඳහන්ව ඇති පරිදි ස්ථාවර හමුදාවක් පවත්වාගෙන යාම තහනම් කිරීම හා යුද්ධයකට සම්බන්ධ නොවිය යුතු වීම මඟින් අද දක්වා ජාතික ආදායමෙන් 1% ට වඩා යුධ වියදම් ඉක්මවා නැත. මෙම යුගයේ දක්නට ලැබෙන තවත් ලක්‍ෂණයක් නම් තෘතීය අංශයේ වර්ධනයයි. 1960දී මෙම අංශයේ වර්ධනය 30% ඉක්මවන විට 1970 එය 58% දක්වා ඉහළ ගියේය. ජපානයේ ආර්ථික වර්ධනය හේතු කොට ගෙන උද්ධමනය පහළ මට්ටමකත්, ඉතිරි කිරීම ඉහළ මට්ටමකත් තිබිණි. මෙයට රාජ්‍ය ප‍්‍රතිපත්තියේ ස්වභාවය මූලික විය. නිර්යාථ දිරි ගැන්වීම සඳහා සමහර සමාගම් රාජ්‍ය විසින් යොමු කරවනු ලැබූ අතර මෙම සමාගම් සෝගේ සෝෂාන් ලෙස හදුන්වනු ලැබීය. මෙම ආයතන 1980 ගණන්වලදී රටේ නිර්යාථ ආයාථ මෙහෙය වන ලදී. නිර්යාථ වලින් 50% හා ආයාථ වලින් 60% මෙම ආයතන මෙහෙයවන ලදී. ජපානයේ දේශපාලන අර්ථ ශාස්ත‍්‍රීය ඥානයට නව කළමණාකරණයක් ඉදිරිපත් කළේය. එනම් මුල සිටම ජිවිතාන්තය දක්වාම රැුකියාව යන සංකල්පයයි. ජපන් ජාතිකයන් තම රටේ සංවර්ධනය සඳහා තමන්ගේ විවේකය පරිත්‍යාග කොට ඇත. රාජ්‍ය ප‍්‍රතිපත්ති හා ජනතාව තුළ පවතින්නාවු කැපවීම මත ජපානය තුළ 1960දී ආර්ථික සංවර්ධනයක් අත්කරගත් ගැනීමෙන් අද වන විට ලෝකයේ දෙවන බලවතා බවට පත්ව තිබේ.

ජපානය ආර්ථික බලවත්කම ගොඩ නගා ගත් ආකාරය කෙටි කොට දැක්වීමට ඉතා අසීරු වන අතර එයට බලපානුයේ ඔවුන් අනුගමනය කළ ක‍්‍රියාදාමයන් විටින් විට බිඳ වැටීම් මධ්‍යයේ වුවත් ස්ථිර සාර ප‍්‍රතිපත්තීන් හා ප‍්‍රතිසංස්කරණයන්ය. ලෝකයේ වෙනත් රාජ්‍යයන් ජපානය සම්බන්ධයෙන් වූ විදෙස් ප‍්‍රතිපත්තීන් පවා වෙනස් කර ගැනීමට සිදුවන්නේ මෙහි වූ ආර්ථික බලවත්වීමේ ක‍්‍රමෝපායට අනුවය. ජපානයේ ස්වභාවික සම්පත් වෙනුවට ඇත්තේ ස්වභාවික විපත් ය. සුනාමි, භූමිකම්පා, ගිණි කඳු ආදියෙන් කිසිදු අඩුවක් මේ රටට නැත. ස්වභාවික සම්පත් කියා කීමට ඇත්තේ මානව සම්පත වන අතර දෙවැන්න නම් මුහුද හා වන ගහනයයි. මේ සම්පත් උපයෝගී කොට ගෙන ආර්ථික වර්ධනයට මඟ පෑදුනේ අගමැති ලිකේඩා ක‍්‍රියාවට නැන්වූ ව්‍යාපෘතීන් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ය.

1. මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමයක් අනුගමනය කරමින් රජය පොදු පහසුකම් දියුණු කිරීම හා පෞද්ගලික අංශයෙන් ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා ගැනීම.

2. පොළී අනුපාත අඩු කරමින් ජනතාවගේ ආයෝජන වියදම් වැඩි කිරීමට හා ණය ගැනීමට ඇති උනන්දුව වැඩි කිරීම.

3. රාජ්‍ය ආයෝජන ඉහළ නංවා, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, උමං මාර්ග, ගුවන් තොටුපල, වරාය, තොරතුරු තාක්ෂණය ආදී යටිතල පහසුකම් දියුණු කිරීම හරහා ඉදිරි ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.

4. ආර්ථිකය යම් පමණකට වර්ධනය වූ පසු මිශ‍්‍ර ආර්ථිකය වෙනුවට රාජ්‍ය අංශය හකුලවමින් පෞද්ගලික අංශයට නිෂ්පාදන කටයුතු පවරා ධනවාදයට අනුගත වීම.

5. අධ්‍යාපනය කාර්මික හා තාක්ෂණික අංශයට යොමු කර ප‍්‍රායෝගික තත්ත්වයට පත් කිරීම.

6. සැමට සමාන ලෙස නීතිය හා සාමය ක‍්‍රියාත්මක කර විශේෂ වරප‍්‍රසාද ලාභීන් නොමැති රටක් බවට පත් කිරීම.

7. මානව චර්යාවන් හා ගුණයන් මත පදනම් වූ මානුෂ්‍ය ප‍්‍රතිපත්තීන් ජනතාව තුළ වර්ධනය කිරීම.

මෙම ප‍්‍රතිසංස්කරණවල අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹී සීතල යුද්ධයේ අවසන් අදියර වන විට ජපානය ඇමරිකාවට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීමය. ඔවුන් මේ සදහා ඵලදායි සංකල්පයන් උපයෝගී කොටගත් අතර මේ වන විටත් ලොව පිළිගත් ී 5 සංකල්පය හරහා ඵලදායීතාව වැඩි කිරීම සදහා ජපානය අනුගමනය කළ ක‍්‍රියාමර්ගය ඔවුන්ගේ ආර්ථික මෙන්ම සමාජමය තත්වයන් සංවර්ධනීය ඉලක්ක වෙත රැුගෙන යාමට ඉවහල් විය.

කලාපීය බලවතා වීමේ සැලසුම්

 ලෝක ජනගහනයෙන් බහුතරයක් ඒකරාශීව පවතින්නේ ආසියාතික කලාපය මුල්කරගෙනය. එනම් ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ප‍්‍රතිශතයක් ජීවත් වන්නේ ආසියාවේය. එය බිලියන 4.5ට වඩා වැඩි වන්නකි. ප‍්‍රතිශතයක් ලෙස එය 60% කි. ලෝක දේශපාලනයට සෘජුවම මෙම කලාපයේ ජනගහනයේ ක‍්‍රියාකාරීත්වයේ බලපෑම අනිවාර්යයකි. මේ හේතුවෙන් ලෝක දේශපාලනයේදී ආසියාවේ බලය අත්පත් කර ගැනීම බටහිර රාජ්‍යයන්ට වැඩි බලපෑමක් සිදුකරනු ලැබීය.

ආසියාවේ බලවතුන් වන චීනය, ඉන්දියාව, ජපානය වඩා වැඩි ආර්ථිකය හිමිකාරිත්වයක් සහිතව සිටින අතර මෙම බලවතුන් ආසියා ෆැසිපික් කලාපයේ රාජ්‍යයන්ට මැදිහත්වීම් සිදුකරමින් එම මැදිහත්වීම් ආධාර, ණය දීම්, හා සහයෝගිතා ගිවිසුම් මගින් දැකිය හැකිවේ. ජපානයද තම බලය ව්‍යාප්ත කිරීමේ බලය දියත් කරමින් සිටින අතර ආසියාවේ බොහෝ රාජ්‍යයන් හට ඉහත කී මැදිහත්වීම් ජපානය විසින්ද සිදුකරමින් පවතී.

ලංකාව හා ජපානය

ලංකාව හා ජපානය අතර වන මිත‍්‍රත්වය දිගු කාලීන වන අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇරඹෙන්නේ 1952 වර්ෂයේදී වන අතර ශ‍්‍රී ලංකාව තුල ජපාන තානාපති කාර්යාලය කොළඹත්, ජපානය තුල ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ටෝකියෝ වලත් පිහිටුවීමට කටයුතු යොදන්නේ මේ කාලයේ වන අතර මේ හරහා වැඩි බැදියාවක් ලංකාව සමග ඇති කර ගැනීමට ජපානයට හැකි වේ. ජපානය තුළ ලංකාව සම්බන්ධයෙන් වන ජනප‍්‍රිය කතා බහ වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් දෙවන ලෝක යුද්ධයේදී අන්ත අසරණ වූ හා ලෝකයේ වෛරීත්වයට පාත‍්‍රව සිටි ජපානය දෙසට ලෝක අවධානය යොමු කරවීමට සමත් ප‍්‍රකාශයක් සිදු කිරීමෙනි. එම ප‍්‍රකාශය සමග වෛරී සහගත බව වෙනුවට සානුකම්පිත බැලීමක් ජපානය වෙත යොමු විය. මේ නිසා ජපානය දැඩි මිත‍්‍රත්වයක් ගොඩ නැගීමට තරම් සමත් වූ අතර එතැන් පටන් ලංකාවට ආධාර හා පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, තරුණ සේවා සභාව වැනි ඉදිකිරීම් පරිත්‍යාග ලෙස ලංකාවට ලැබෙන්නේ ඒ අනුවය. එසේම ජයිකා වැනි ආයතන හරහා ලංකාව තුළ සංවර්ධනීය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම මේ දක්වාම සිදුකරමින් පවතින අතර ආසියාවට වන මැදිහත්වීමේදී වැඩි ප‍්‍රමාණයකින් ලංකාවට මැදිහත්වීමට කැපී පෙනෙන ලක්ෂණයකි. ආසියාතික ආර්ථිකයේ මර්මස්ථානයක් ලෙස ලෝකය සලකන ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දැක්ම වන්නේ ද සංවර්ධනීය පාර්ශවයෙන් වරායන් මෙන්ම යම් යම් ආර්ථික ක‍්‍රියාවලීන්ට උදව්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ජපානය මගින් දියුණු කිරීමට වන යෝජනාවක් ඉදිරිපත් වූ අතර දේශපාලන බලපෑම් හමුවේ එය නතර වුවද ජපානය අදාළ ආයෝජනය සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක පසුවන බව වාර්තා විය. එසේම කොළඹ නගරයේ තද බදය වැලැක්වීමේ අරමුණින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අඩු පොලියක් මත ණය සැපයීමට ජපන් රජය එකගව ඇත. මෙම ව්‍යාපෘතිය එවක සිටි පාලකයන්ගේ නිලධාරීන් විදින් සිදුකළ අමනෝඥ ක‍්‍රියා පිළිවෙතින් නතර වුවත් නැවත එය ආරම්භ කිරීමට රනිල් වික`මසිංහ ආණ්ඩුවට හැකි විය. මෙවැනි ක‍්‍රියාමාර්ග රාශියක සාර්ථක සංවර්ධනීය ආර්ථික ප‍්‍රතිලාභයන් ජපානය විසින් ලංකාව වෙත ලබා දී ඇති අතර ජනාධිපතිවරයා ජපානයේ කළ සංචාරයකදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජපානයේ මැදිහත්වීමට අදාළ එකගතා කිහිපයකට එළඹීමද සිදු කළේය. කලාපීය ආර්ථික බලයේදී ලංකාව සම්බන්ධයෙන් ජපානය වැඩි අවාධානයක හා උනන්දුවක සිටින බව මේ වන විට ජපානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක පැමිණීම හා ඔවුන් විසින් එළඹීමට නියමිත ගිවිසුම් තුළින් පෙන්නුම් කරයි. ඒ අනුව ලංකාවට වැඩි ආර්ථික ප‍්‍රතිලාභයක් අත්පත් කර දීමට මෙන්ම කලාපීය දියුණු ආර්ථිකයක් ගොඩ නැගීමේ ක‍්‍රියාදාමය පණ ගන්වනු ඇති බවට ලංකාවේ විශ්වාසය වී ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනි