විශ්වාසභංගය පැරදුනාට ඇමතිවරයාට දෑත් පිස දමා ගත නොහැකිය

0

රටේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ සිදුවෙමින් පවතින ඇතැම් ගැටළු සලකා ඒ සදහා වගකිව යුත්තේ සෞඛ්‍ය ඇමතිවරයා බව දක්වමින් ඔහු දරණ වගකීමෙන් පහකළ යුතු බව දක්වමින් විශ්වාසභංග යෝජනාවත් පාර්ලිමේන්තුවට ගෙන ආවේය. ඒ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම විසිනි. බාල බෙහෙත් හා කල් ඉකුත් වූ බෙහෙත් ලබාදීම හේතුවෙන් මියයාම් කිහිපයක් පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තුව හමුවේ සදහන් කොට සිටියේය.

මේ පිළිබද විවාදය දින තුනක් පුරා පාර්ලිමේන්තුවේ සිදු වූ අතර විවාදය තුළ පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් විසින් පොදුවේ මතු කළ කරුණ වූයේ පුද්ගලයෙක් මත වන වෙනසක් කිරීම වෙනුවට පවතින සෞඛ්‍ය පද්ධතියේ ඇති දුර්වලතාවයන් වෙනස් කිරීම සදහා කටයුතු යෙදිය යුතු බවයි. මෙම විවාදයේ යම් සාධනීය කරුණක් ලෙස ගත හැකිව තිබෙන්නේ එයය.

විපක්ෂයේ බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ අදහස එය වුවත් අවාසනාවකට විපක්ෂ නායකවරයා ඇතුළු කයිකතන්දර කාරයින්ගේ අදහස වූයේ මේ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සෘජුව වගකිව යුතු බවයි. විපක්ෂයේ පරම කාර්යභාර්ය ආණ්ඩුවට එරෙහිවීම පමණක් බව අදහන සහ බල කෑදරකමින් වියරුව සිටින විපක්ෂ නායකවරයා සහ පිරිසේ ස්වභාවය මෙයය. එහෙත් ගැටළුවක් ඇති වූ විට අදාළ තත්වයන් හටගැනීමේ හේතුව විමසා බලන්නට තරම් පරිචයක් විපක්ෂයේ වුවත් බොහෝ මන්ත‍්‍රීවරුන්ට තිබුණු බවත් මෙම විවාදයෙදී පෙන්නුම් කළේය.

මේ නිසා කාවින්ද ජයවර්ධන විසින් පුන පුනා තෙපරබෑ නමුත් අදාළ විශ්වාසභංග යෝජනාවලියේ පැවැතියේ මුළුමනින්ම සෞඛ්‍ය පද්ධතියේ අද දවසේ පවතින ගැටළුකාරී තත්වයන්ය. මෙයට වගවීම ඇමතිවරයකුට තබා සමස්ත රජයටම භාරගත නොහැක්කේ මේ දුෂ්කරතාවයන් හේතුවෙනි.

රටක මහජන සෞඛ්‍යය යනු සමස්ථ පුරවැසියා‌ගේ අයිතියකි. එහි පංගු බේරුම් නැත. සෞඛ්‍යය ක්ෂේත‍්‍රය තුළ අකටයුත්තක් වනවා නම් එහි වගකීම සමස්ථයක් ලෙස රජය ගත යුතුවේ. එසේ නොමැතිව යම් සිදුවීමක් පාදක කොටගෙන දේශපාලන අධිකාරියෙහි තාවකාලික වගකිව යුත්තෙක් නම් කොට ඔහු ඉවත් කිරීමෙන් හෝ ඔහු වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමෙන් හෝ ‌මේ ජාතික වගකීම ඵලදායි වන්නේ නැත.

චිරාත් කාලයක් සෞඛ්‍ය ක්‌ෂේත‍්‍රයේ පැවැති දුර්වලතාවයන් වරින් වර මෙසේ පුද්ගලයකුගේ කරපිටින් පොලා පැනීම සාමාන්‍ය තත්වයකි. බෙහෙත් ගෙන්වීම ජාවාරමක් බවට පත්ව ඇති බව කවදත් සිදුවූ දෙයකි. ඒ මර්දනය කිරීම පාතාල මර්දනය මෙනි. පාතාල අපරාධ කවර තත්වයන් යටතේ වුවත් නිරන්තරයෙන් සිදුවෙනවා සේ මේ ජාවාරම්ද සිදුවේ. වැලැක්වීම පහසු නැත. බාල ඖෂධ ප‍්‍රශ්නය නිර්මා‍ණය වන්නේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින රාජකාරීමය වගකීම්වල ගැටළු හේතුවෙනි. ඖෂධ නියාමනය කිරීම සදහා අධිකාරී ආයතනයක් පවතී. ඒකී ආයතනයෙන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොවන තැන බාල ඖෂධ ජාවාරමට තටු ලැබේ. මෙවැනි ගැටළු සහගත තත්වයක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දිගින් දිගටම පවතින අතර මේාව විසදා ගැනීමට නව ක‍්‍රමෝපායන් ගෙනවිත් සෞඛ්‍ය ක්‌‌ෂේත‍්‍රය පිරිසිදු කිරීම විනා ගැටළුව පුද්ගල කේන්ද්‍රියව ගෙන දේශපාලනික අවස්ථාවාදයට ඉඩක් ලබාදීම තවත් ජාතික අපරාධයකි.

විශ්වාසභංගයේ එක් යෝජනාවක් වනුයේ බාල ඖෂධ ගෙන්වීම, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වීම හා අධික මිළ ගණන් යටතේ ඖෂධ ගෙන්වීම යන කරුණුය. මීට පෙර සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ කාලසීමාවක් දෙස බැලූ‍වහොත් ඒ් ඒ් අමාත්‍යවරුන් යටතේ ද මෙය මෙසේම සිදුනොවේයැයි සිතන්නේ නම් එයට හොදම සාක්ෂිය පසුගියදා පාර්ලිමේන්තුවේදි අසන්නට ලැබුනි. ඒ් රාජිත සේනාරත්න තම මන්ත‍්‍රීධූරය අහිමි කර ගනු ලබන්නේ ඖෂධ මාෆියාවක නඩු හබයක් හේතුවෙනි. කෙසේ නමුත් මෙම යෝජනාවට අදාළ කටයුතු සිදුවන්නේ ආයතනගත ක‍්‍රියාවලියකට අනුවය. ක‍්‍රියා පටිපාටිය තේරුම් ගැනිමේදී බොහෝ දුර්මත ඉවතලීමට හැකිය. ජනතාවට සැගව ඇත්තේම මේ නිසි වැඩපිළිවෙලෙහි නීතිමය හා ආයතනික ක‍්‍රියාවලියය. එය සැගව ඇති තත්වයක් යටතේ ජනතාව උසිගැන්වීමට මෙවැනි කණ්ඩායම් සදහා පහසුවකි. ඒබැවින් ඖෂධ ගෙන්වීමේ ක‍්‍රියාවලිය සිදුවන ක‍්‍රමය හදුනා ගැනීම මූලික ලෙස ගැටළු සදහා පිළියමක් විය හැකිවේ.

ඖෂධ ගෙන්වීම සිදුකරන්නේ පනවා ඇති අණපනත් හා චක‍්‍රලේඛ පටිපාටිගතවය. ඒ් අනුව රජයේ ආරෝග්‍ය ශාලා පද්ධතියට අවශ්‍ය ඖෂධ  ආනයනය කරුනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවය. එසේම මෙරට නිෂ්පාදිත ඖෂධ වර්ග ලබාදීම සිදුකරනුයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය (ඵීෘ* යටතේ ඇති දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගෙනි. කෙසේ නමුත් මේ සියලූ‍ ඖෂධ නියාමනය කිර‍ීම සිදුකරනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතට අනූකූලවය.

එසේ නම් මේ චෝදනාවට ලක්වන ඖෂධ ඇනවුම් සිදුවනුයේ කෙසේද?  එහි සත්‍යාසත්‍යතාවයන් කෙසේ වුවද ඖෂධ ඇනවුම් සිදුවනුයේ මෙසේය. පළමුව ඇණුවුම් සදහා අවශ්‍ය ඖෂධ වර්තා හා ප‍්‍රමාණයන් තෝරාගනු ලබන්නේ දිවයින පුරා පිහිටි දිස්ත‍්‍රික් මට්ටමේ ප‍්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ඒ්කකවලින් ලබා ගන්නා තොරතුරු අනුවය. එසේම දිවයිනේ රෝහල්වලින් ලබගන්නා අවශ්‍යතාවයන් මෙන්ම වෛද්‍ය සංගම්, වෛද්‍ය විද්‍යාල එකතුව ලබා ගන්නා නිර්දේශයන්, සහිත ‌තොරතුරු මත පදනම්ව අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒ්කකය අවශ්‍ය ද්‍රව්‍ය හා ප‍්‍රමාණය ඇනවුම් කිරීමේ අවශ්‍යතා ලේඛන සකස් කර ඇණවුම් කිරීමෙනි. මේ අනුව ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම සැපයුම් සදහා වන ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි‍ ඒ් අනුව ඇනවුම් කිරීමේ ක‍්‍රියාවලිය ටෙන්ඩර් ක‍්‍රම තුනක් යටතේ සිදුවේ.

1. ලෝක ව්‍යාප්තීය විවෘත මිළ කැදවීම

2.ලෝක ව්‍යාප්ත සීමිත මිළ කැඳවීම

3‍. දේශීය මිළ කැඳවීම.

මෙම මි‍ළ ගණන් කැදවීමෙන් අනතුරුව දෙපාර්තමේන්තු ප‍්‍රසම්පාදන කමිටුව විසින් මි‍ලියන 200 දක්වාද, අමාත්‍යංශ ප‍්‍රසම්පාදන කමිටුව විසින් මිලියන 200- 500 දක්වාද අමාත්‍ය මණ්ඩල ප‍්‍රසම්පාදන කමිටුව විසින් මිලියන 500 වැඩි මි‍ල ගණන් යටතේ මිළදී ගැනීම් සිදුවේ. මෙසේ ලබාගන්නා ඖෂධ සෞඛ්‍ය වෛද්‍ය සැපයුම් අංශයේ අධීක්ෂණය යටතේ බෙදා හැරීම් සිදුවේ.

ඖෂධ ඇනවුම් කිර‍ිමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචිය සලකා බැලෙන අතර එසේ ලියාපදිංචි නොවන ඖෂධ ආනයනය කිරිමේ කාර්යය සිදුවනුයේද විධිමත් භාවයකින් යුතුවය. ලියාපදිංචි නොවූ  අවස්ථාවකදී හදිසි මිළදී ගැනීම් යන නාමකරණය යටතේ ඖෂධ මිළදී ගැනීම සදහා පනතේ 109 වගන්තියට අනුව ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපිය ීඡුක්‍ වෙත යොමු කරනු ලැබේ. මෙලෙස ලියාපදිංචියෙන් නිදහස් වූ ලිපිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුව,විශේෂඥ කමිටුවක් වෛද්‍ය කමිටුවකට ඉදිරිපත් කිරීමෙන් පසුව උ්‍යධ ලබා දෙන නිර්දේශයන් හා සහතික සැලකිල්ලට ගෙනය. එසේම රටේ අවශ්‍යතාවය සලකා එක් කාණ්ඩයක් පමණක් ගෙන්වීමටය. සැපයුම්කරු මේ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර මෙම ක‍්‍රමවේදයන් අනුමගනය කිරීම අනිවාර්යය ද වේ.

අනතුරුව මේ ඖෂධ නියමිත ගබඩා කිරීම් හා ප‍්‍රවාහනයන් හා කාලගුණික තත්වයන් යටතේ සැපයීමට සිදුවේ. කෙසේ නමුත් යම් හෙයකින් ඇසිරීම් හෝ කාලගුණික තත්වයන්ට යටත්ව සිදු නොවන තත්වයක් යටතේ යම් ඖෂධයක දුර්වලතාවයක් ඇතිවීම ලොව  ඕනෑම රටක සිදුවිය බරපතල ගණයේ වරදකි.

ඉහත දැක්වූයේ ඖෂධ මිළදී ගැනීමේදි ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදය වන අතර මේ හේතුවෙන් බාල ඖෂධ ගෙන්වීම හෝ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වීම මෙන්ම අධික මිළ ගණන් යටතේ ඖෂධ මිළදී ගැනීම යන අක‍්‍රමිකතා සිදුවීම අතිශය සීමා සහිත තත්වයකි.

මෙම කනගාටු දායක මරණ කිසිවකට ප‍්‍රමිතියෙන් තොර හෝ බාල ඖෂධ හේතු නොවූ බව වෛද්‍ය වි‌ශේෂඥ මතයය. ඒ් අනුව නුවරඑළිය රෝහලේ අක්ෂි රෝගීන්ට

ඇති වූ සංකූලතාවයන් පදනම් කොට ගෙන වන චෝදනාවේදී එම ඖෂධ වර්ගය ලියාපදිංචි ඖෂධ වර්ගයක් බව සදහන් කොට ඇත‍. එසේම මෙම ඖෂධය 50,000ක් ප‍්‍රමාණයක් 2023 වසරේ ගෙන්වා ඇති අතර 2023 ජනවාරි හා අපේ‍්‍රල් මාස අතර දිවයිනේ අක්ෂි සායන පවත්වන රෝහල් 61කට බෙදා හැර ඇත.

එසේම පඩුවස්නුවර වෛද්‍ය සායනකදී ළදරු එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ ළදරු මරණය එම ප‍්‍රදේශයේ ළමුන් 20කට එම එන්නතම ලබාදී ඇති තත්වයට යටතේ එන්නත ලබාදී පැය විසි හතරක් තුළ දී සිදුවූ ආසාත්මිකතාවයකින් මෙම බිළිදා මිය ගොස් ඇති බව වාර්තාවේ.

එසේම පේරාදෙණිය රෝහලේ ගර්භනී කාන්තාවක මියයාමට හේතු වූවායැයි දැක්වෙන ඖෂධය 2016 ලියාපදිංචි කළ ඖෂධයක් වන අතර මිළදී ගත් ඖෂධ ප‍්‍රමාණය 68 750ක් වන අතර ඒ් වන විට භාවිතා කළ ප‍්‍රමාණය 30,988ක්ව පැවැති තත්වයක් තුළ ඇති වූ මරණයක් බවත් එය ශරීරගත යම් බලපෑමකින් ඇති වූවක් මිස ඖෂධයේ ගැටලූ‍වක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට වි‌ශේෂඥ වෛද්‍ය මතය වී ඇත. එසේම පේරාදෙණිය රෝහලේ වයස අවුරුදු 21ක තරුණිය මියයාම සම්බන්ධව චෝදනා ලබන ඖෂධය 2016 වර්ෂයේ ලියාපදිංචි ඖෂධයක් වන අතර ඒම වාට්ටුවේම 12 දෙනෙකු හට මෙම ඖෂධය ලබා දී ඇතත් ඔවුන්ට කිසිදු ආසාත්මිකතාවයක් ඇතිව නොතිබුනි. එසේම මෙම ඖෂධ වර්ගය 2,71169 දිවයින පුරා බෙදා හැර ඇති අතර ඉන් 1,47,460ක් භාවිතා කර ඇති තත්වයක් තුළ මෙම මරණය ඒම ඖෂධ සම්බන්ධයෙන් ඇති වූවක් නොවන බවට වෛද්‍ය මතය වී ඇත.

මේ අනුව ඉහත කරුණු ගෙන හැර දැක් වූයේ රෝහල්වල කිසිදු අඩුපාඩුවක් නොමැතිව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය හොදින්ම පවතිනවා කීමට නොව විපක්ෂයේ දේශපාලන කඩප්පුලිවාදීකම් තහවුරු කිරීම සදහාය.

විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ඇතැම් පිරිසකට ඖෂධ ප‍්‍රතිපත්තියේ අවුල ලෙහා ගන්නවා වෙනුවට පුද්ගලවාදී මඩ ප‍්‍රචාරයන් දමා ගසා රජයේ වැඩපිළිවෙලට බාධා කිරීමේ සැහැසි වුවමනාව තිබූ බවට තෙදිනක් පුරා පැවැති විශ්වාසභංග විවාදයේදි සනිටුහන් විය. තවත් කනගාටු දායක සිදුවීම් මේ අතර තුර සිදුනොවුනා නොවේ. ඒ් සිදුවීම් සම්බන්ධයෙන් විපක්ෂයේ මහ මොළකරු වන සජිත් පේ‍්‍රමදාස ලැජ්ජා විය යුතුය. විවාදයෙදී අදහස් දැක්වූ  සජබ මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙම විශ්වාභංගයට අදාළ තොරතුරු පසෙක තබා චැනල් ‌ෆෝ නාලිකාවේ වීඩියෝව පිළිබදව අදහස් දැක්වීමට මේ අවස්ථාවක් කරගෙන තිබිණි.

මළමිනී මතින් දේශපානය කරනු ලැබූ යුගය අවසන්ව ඇති අතර මේ ගෙවෙන්නේ මානුෂීයත්වයේ හා සංවර්ධනයේ දේශපාලනික යුගයකි. සජිත් ලැජ්ජාවිය යුත්තේ අන් කිසිවක් නිසා නොව තමන්ට අවශ්‍ය පරිදි මතයක් ගොඩ නගා ගැනීමටවත් තමන්ට අවනත වූ බහුතර මන්ත‍්‍රීන් පිරිසක් ඔහුට නොසිටීම හේතුවෙනි.

විශ්වාසභංගය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා විසින් ජයග‍්‍රහණය කළත් ඔහුට දැන් දෑත් පිසදමා ගැනීමේ හැකියාවක් නැත. මේ ගැටළුකාරී තත්වයන් පිළිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ඒ් අනුව ප‍්‍රතිපත්තීන් අනපනත් කොතරම් තිබුනද ඒ්වා ක‍්‍රියාත්මක කිරීමේදී නිලධාරී පන්තියේ ක‍්‍රියාවලිය මෙන්ම ඖෂධ සම්බන්ධව ඇති ගෙන්වීම්, බෙදා හැරීම්, නියාමනයන් පිළිබද මීට වඩා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියක් අත් කරගත යුතුය. නොඑසේ නම් පෙර සිටි ඇමති ගොන්න සේම කළු පැල්ලමක් ඉතිරි කොට තවත් එක් අපිරිසිදු සෞඛ්‍ය ඇමතිවරයෙකුව සමුගත හැකිය. එහෙත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව සදහා අවශ්‍ය මග පෙන්වා ඇති අතර එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම ඇමතිවරයාගේ මෙන්ම නිලධාරීන්ගේ වගකීමකි. රටට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය නියමාකාරයෙන් ක‍්‍රියාත්මක වීම ජනතාවගේ යහපත සදහා වනු ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *