“එක කාලෙක බල්ලෝ කඩේ ගිහින් මස් මෙන්ම මස් කටුත් ඇති පදම් කෑවා. පස්සේ කාලෙක මං දැක්කා උන් කඩේ ගියාට මස් කන්නෙත් නැහැ. කටු කන්නෙත් නැහැ. උන්ගේ වැඩේම බුරන එකයි. බිරුවට‍ මුකුත් වුණේ නැහැ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැති බව බල්ලෝ දන්නේ නැහැ. ඒ වුණාට කඩේ යන එක මුන් දිගටම කරගෙන ගියා. බුරමින්ම කඩේ ගියා. අන්තිමට හරි වැඩක් වුණා. මුන්ට පිස්සු හැදුණා. මුන් බිරිල්ල නතර කරල හපන්න ගත්තා. අන්තිමට සිදු වුණා මුන්ට මොනවා හරි ‍කරන්න. ඉන්දියාවෙන් ලැබිලා තිබුණු ඇම්බියුලන්ස් තිබුණේ හොඳ වෙලාවට. ඒවා සුදු වෑන් කියලා කියන්න බැරි කුරුසේ ලොකුවට ඇඳලා තිබුණ නිසයි.”

මෙය 2016 ඔක්තෝබර් මස 10 වැනිදා “සමන් ලියයි” කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය සරත් විජේසූරිය විසින් පැවසූවකි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ මෙවැනි වැකි ලිවීමට සමන්ට ඉඩ නොදෙන ලෙසයි.

ඒ සමන්ය. අද ඒ සමන් අතාවුද හෙට්ටි ශානුක කරුණාරත්න “මචං” සමඟ වූ දොඩමළු සප්පයමක් මෙසේ දිග හැරෙන අතර ශානුක ආරාධිතයෙකු නොව එහෙත් ආරාධිතයෙකු වන සමන් සමග චැතම් ස්ටී්‍රට්හි ඔරලෝසු කණුව අස්සේ සිදුවන මේ සංවාදය සමන්ට අරුම පුදුම වූවක් වීම අනිවාර්යයක්.

එළියෙන් සමන් දකින ආකරය හා සමන්ගේ හදවත සමඟ එකතු වූ මචංලා සමන් දකින ආකරය අතර පරස්පරයක් කවදාවත් කිසිවෙකුට උකහා ගත නොහැකි හිතීමක්. සමන් ලියන්නේ එළඹ ඇති සිහියෙනි. එළඹ ඇති සිහිය යනු මතුපිට පොළොව තුළ සිදුවන සිදුවීම් උකහා ගෙන ලිවීමයි. මේ හිතීම නිසාම සරත් විජේසූරියට මේ යකා මෙල්ල කරගන්න යැයි කියන්නට වෙයි. ඒ කිසිවක් නිසා නොව ලිවීමට තහංචි කොහේ හෝ තැනේ නම් සමන්ගේ ලිවීම් ඒ තහංචි කුඩුපට්ටම් කර දැමීමට තරම් සමත් වන නිසාවෙනි.

ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහනකද, කාටූනයක් තුළද , හරවත් සම්මුඛ සාකච්ඡාවක් තුළද, දේශපාන වැඩසටහනක් අතරේද , සංගීත සංගායනාවක් මැද්දේද සමන් හමුවන්නේ ඒ තරම් වූ පිරිසකටය. එහෙත් ඒ පිරිස අතර සමන් ඔවුන්ගේ වපරියේ ජීවත් වෙයි. අතාවුදහෙට්ටි නොයෙක් රාජ්‍යයන්හි සංචාරය කරමින් ඒ පිළිබද සටහන් කොට තබන්නේ කියවන්නා තමන් සමග ඒ ගමනට ගියා මෙනි.

සමන් අතාවුදහෙට්ටි යනු එවක අගමැතිවරයාගේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයාය. එහෙත් ඔහු අග්‍රාමත්‍ය ධූරය ගෙදර තබා යයි. ඉතිං ඔහු සමන් සම්බන්ධයෙන් මෙසේ කියයි.

සමන් කියපු දේවලට වඩා නොකියපු දේ වැඩියි. ඒ දේවල් විශ්‍රාම ගත්තට පසු කියන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් ජිවිතයේ නොකී දෙයක් කියන්නට මට අවසර දෙන්න. යමක් ලියද්දි, යමක් කියද්දි, ඒ වෙනුවෙන් වෙහෙසිය යුතු ආකාරය, ඒ වෙනුවෙන් කරුණු සොයන්න වෙහෙස මහන්සි විය යුතු ආකාරය මා ඉගෙන ගත්තේ අගමැතිතුමාගෙන්. අගමැතිතුමා සමඟ මා අවුරුදු හතළිහක්, හතළිස් පහක කාලයක් ළඟින් කටයුතු කර තිබෙනවා. විනාඩි පහක කතාවක් කිරිමට දවස් දහයක් පහළොවක් මහන්සි වෙන්න ඕනෑ බව මා ඉගෙන ගත්තේ එතුමාගෙන්. ඒ නිසා මා එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ රාජකාරි ජිවිතය මැද්දේ මේ වගේ නිර්මාණ කටයුතුවලට ඉඩක් හදා ගත යුතු විදිහත් කියා දුන්නේ එතුමායි. කෝටියක් වැඩ එකට කරන විදිය කියා දුන්නේ එතුමායි” යන්න

සමන්ට රනිල් සම්බන්ධයෙන් ගිල්ටියක් තිබුනේය. ඒ පොතක් ගෙන කියවීම අවසාන වන්නේ රෑ මැදියමේ දී අවදිවන තරම් ලයිට් එළියක් දල්වා ලිනුයේදී සමන් විසින්මය. සමන් ලියයි කෘතිය එළිදක්වමින් සුනිල් ආරියරත්න අමුතු දෙයක් පවසයි. “සමන් කියයි” සමන් ලියනවාට වඩා කියනවා. අසා ඉන්න පුළුවන් පිරිමි කටහඬවල් තිබෙන්නේ බොහෝම ටිකයි. පිරිමි හඬවල් අද ගායකයන්ට අඩුයි. එවැනි ගායකයන්ට දම්පියා අටුවා ගැටපදයේ කියන්නේ තණ්ඩන කියලයි. මේකට කියන හරි සිංහල වචනය කිව්වොත් මාත් වාසුදේව නානායක්කාර කෙනෙක් වෙනවා. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, එච්.එම්. ගුණසේකර වැනි අයගේ කටහඬවලට අපි ආදරය කළා. බණ්ඩාර විජේතුංග, සිරිල් ඒ. ධර්මවර්ධන, ‍ප්‍රේමකීර්ති ද අල්විස්ගේ කටහඬවල් අපට අමතක කරන්න බැරි හඬවල්. සමන්ගේ කටහඬත් අපි ඒ දිනවල සිටම ආසාවෙන් අහන නිරවද්‍ය උච්චාරණයෙන් යුක්ත සුගැඹුරු පෞරුෂත්වයකින් යුතු කටහඬක්. නිවැරිදි සිංහල උච්චාරණය ගැන පළමු පොත ලිව්වේ සමන්ගේ පියා පියසේන මහතායි. ඔහුගේ කටහඬට ඉහළ මිලක් ලැබෙනවා. පොත් දොරට වැඩීම්වල දේශන පැවැත්වීමට ආවොත් ඉන්ධන මිල අතින්. කෑම නළ මාර්ගයෙනුයි. සමන් එවැනි දේශන එක් කර පොතක් ගැහුවේ සියයට දහයේ කර්තෘ භාගය ගු‍ණසේන සමාගමෙන් ලැබෙන නිසා විය යුතුයි. මා හිතනවා සමන්ගේ මේ දේශන පහටම එක් සතයක්වත් ලැබෙන්නේ නැතිව ඇති.

සල්ලි නොබලා වැඩ කරල පැරණි හෝ අතීතය විසින් ශිල්පය උගෙන ඒ ශිල්පය මනා ශික්ෂණයකින් හැදෑරීම සමන්ගේ වූ ගුණයකි.

කෙසේ නමුත් සමන් අතාවුදහෙට්ටිChatham Street වෙත යොමුව ශානුක විසින් ඔහු සම්බන්ධයෙන් දක්වන කරුණුවල සංෂිප්තය යනු සමන් අතාවුදහෙට්ටි පරිපාලන ක්ෂේත්‍රයේ පාඩම් උගත හැකි චරිතයක් වන්නේ සමන් අතාවුද හෙට්ටිය.

සරල සුගම මිහිරි හඬ මුසුව කොතරම් ලයාන්විතද යන්න සමන්ගෙන් උගෙනීමට හැකිය. නොපිරිහෙලා බොහෝ දෑ ඉඩටුකරන සමන් සාහිත්‍යයේදී තමන්ට රිසි භාෂාවක් හා මිලක් නියම කරයි. ඒ සමන් අතාවුදහෙට්ටිගේ චරිතය ඉස්මතු වේ.

පහත Chatham Street වීඩියෝව ඒ අසහාය කලාකරුවා සමන් අතාවුද හෙට්ටි අද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න විසින් “මචං” කෙනෙකු කර ගත් අවස්ථාවය. දොඩමළුව කොතරම් රහක්ද යන්න අතාවුද හෙට්ටිගේ මේ දැගෑරීම සාක්ෂි’දරුණු’ඇත. ඒ සමන් ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *