අහුවෙන්න එපා!

0

ජාතිවාදී ආගම්වාදි සෙල්ලමෙන් රට නැවත ගිනි තබමින් තම තමන්ගේ ජඩ දේශපාලනික වුවමණාවන් ජයග‍්‍රහණය කරවාගැනීමේ ත‍්‍රාඩ උත්සාහයන් නැවත ආරම්භ වී තිබේ. මේ ගැටුම් නිර්මාණය කරන ගෝත‍්‍රික වුවමණාවන් සහිත ත‍්‍රාඩයන් ජාතික සංහිදියාවට, රටේ සාමකාමි පැවැත්මට ගිනි අවුළුවාලීමට පසුගියදා මුලතිව් කුරින්දි ‌ඓතිහාසික භූමීය යොදාගෙන තිබිණි.

මෙහිදි ඇති වූ සිද්ධිදාමය කවරක් වුවත් දෙපාර්ශ්වයෙම අවශ්‍යතාවය සමානය. ම්ලේච්ඡය. මුග්ධය. විනාශකාරීය. කුරින්දි භූමිය යනු අද කවර ජාතියකට හෝ ආගමකට හෝ අයත් භූමියක් නොවේ. එය අද, ශ‍්‍රී ලංකාවට අයත් එහි ඉතිහාසයේ යුගයක් සලකණු කරනවා විනා ඊට පාර්ශ්වික අයිතිවාසිකමක් කිසිවකුට ලබා දී නැත. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නෂ්ඨාවශේෂවලින් සමන්විත මෙම ස්ථානය සුරක්ෂිත කිරීමට රජය පියවර ගෙන ඇත්තේ පොදු ජාතික උරුමයක් ලෙස මිසක වර්ගවාදී දේශපාලනික තක්ඩියන්ට සෙල්ලම් කිරීමට ද නොවේ.

මීට පෙර කුරගල භූමිය පදනම් කරගෙන ද මේ වර්ගවාදී දේශපාලන සෙල්ලම කරනු ලැබීය. වාසනාවකට ලේවැකි ගහමරා ගැනීමකින් තොරව එය සමතයකට පත් කරගත්තද තවමත් දුම්රො‍ටු නැගෙමින් පවතී. යළි ඇවිළවිය හැකිය. මේ ම්ලෙච්ඡ සෙල්ලම සදහටම අවසන් කළ යුතුය. එය රජයේ වගකීමකි.

ශ‍්‍රී ලංකා මාතාව අද ඉල්ලා සිටින්නේ මේ ජාතිවාදී ආගමික දේශපාලන තක්කඩියන්ගේ වුවමණාව සංතර්පණය කිරීම නොවේ. රටේ සියලූ පුරවැසියන් ශ‍්‍රී ලාංකිකයන් ලෙස ගොඩනැංවීමකි. කිසිවකුට වෙනස් ලෙස නොසලකන, සෑම සියලූ දෙනාගේම අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිතවන, එකිනෙකාට ගරුකරන, එකිනෙකාව බලාගන්නා ආදරණීය රටකි. ඇය එක් එක් පාර්ශ්වික වුවමණාවන් නිසා ඉතිහාසය පුරාම අතිශය වදවේදනාවන්ට ලක් විය. දුක් වින්දාය. දැන්වත් ඇයට කරන කෙනෙහිලි අවසන් කළ යුතුව තිබේ. ඇයව ආදරයෙන් රැකබලාගත යුතුය.

ජාති ආගමික පමණක් නොව කාන්තාවන්ට, දරුවන්ට, මෙන්ම විවිධ ලිංගික නැමියාවන් සහිත පුරවැසියන්ට ආදී ලෙස වෙනස් අනන්‍යතා පෙන්වන සියලූ පුරවැසියන්ට ඇති අයිතිය හා නිදහස තහවුරු විය යුතුය. ඛඨඊඔූ ප‍්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කරන නෛතික ප‍්‍රතිපාදනයන් එළැඹෙන සැප්තැම්බරයේදී පාර්ලිමේන්තුව ම`ගින් සම්මත කරගැනීමට මේ වන විටත් රජය පියවර ගෙන තිබෙන්නේ ද ඒ අනුවය. මේ නිසා රටේ සාමකාමී පැවැත්මට හානිකරන, රටේ අභිවෘද්ධියට හානිකරන සහ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයක් හමුවේ එයින් ගොඩ ඒමට ගන්නා උත්සාහයට බාධාකරන කවර පාර්ශ්වයක් හෝ වේවා රටේ ද්‍රෝහින් වනවා පමණක් නොව ත‍්‍රස්තවාදින් ලෙස සැලකිය යුතුය. එමෙන්ම ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම විය යුතුව තිබේ. එමෙන්ම පොදු මහජනතාව, මේ ජඩ දේශපාලනයට නැවත අසු නොවී සිටීමට තරම් බුද්ධිමත් විය යුතු වීම සියල්ලට වඩා වැදගත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *