යුක්‍රේන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක් ( VIDEO )

මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky අනතුරු අඟවා ඇත්තේ රුසියාවට යුද්ධය යළි පැමිණෙන බවයි.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු භූමියට පහර දීම දෙරට අතර යුද්ධයේ නොවැළැක්විය හැකි සාධාරණ ක්‍රියාවලියක් බවටයි සඳහන් කර ඇත්තේ

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ යුක්‍රේන ඩ්‍රෝන යානා තුනක් ඊයේ (30) කඩා වැටී ඇති අතර දෙකක් කාර්යාලවලට කඩා වැටී ඇති බවයි.

නගර මධ්‍යයේ නිරිත දෙසින් පිහිටි Vnukovo ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දමා තිබෙනවා