කොලු‍ ගැටයෙකුගේ රඟපෑමක් ගැන 1992 දී මුළු මහත් සමාජයක් කතා කරන්නට විය. අද මෙන් ඩිජිටල් තාක්ෂණික උපකරණ දියුණු යුගයක් නොවූ බැවින් හැමදේටම තිබුනේ එක්කෝ ගුවන් විදුලිය නැත්නම් රූපවාහිනියයි. මේ නිසාම මේ කාලයේ පුංචි තිරයට එන ටෙලි නාට්‍යවලට ලොල්කමක් සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයෙක් නතුව තිබුනි.

මෙවන් වටපිටාවක 1992 දී අශෝක හදගම විසින් නිෂ්පාදනය කරනු ලබන “දුන්හිද අද්දර” ටෙලි නාට්‍යය විකාශනයට එන්නේ එතෙක් සමාජයේ කතා නොවූ’මාතෘකාවක් පාදක කරගෙනය. මෙහි රංගනයට දායක වූවන්ගේ අලු‍ත්වීම ප්‍රේක්ෂකයාගේ ඇස් ඇඳ බැද තබා ගත්තේ ඔවුන් තුළ වූ රංගනයේ අපූර්වත්වය සමඟය. දුන්හිද අද්දර “සුද්දේ” මේ කතා අස්සේ ඉස්මතු වන කොලු‍ ගැටයායි. ඔහු රුක්ම නිරෝෂ්ය. දුන්හිඳ අද්දර, දියගැට පහණ මෙන්ම තවත් නාට්‍ය ගණනාවකට
රංගනයෙන් දායකත්වය දුන් රුක්මල් ඉනික්බිතිව සංස්කරණ ශිල්පියකු ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තේය.

දැන් පරිනත කලාකරුවෙකු ලෙස කලා ලොව දිදුළන රංගනවේදියෙක්, අධ්‍යක්ෂවරයෙක් හා සම්මානනීය දෙස් විදෙස් නළුවෙක් ලෙස ප්‍රචලිතව ඇත. ඕස්ටේ්‍රලියාවෙන් රංගවේදය හා සිනමාව සම්බන්ධයෙන් උපාධිය හිමි කරගන්නා ඔහු මේ දිනවල ලංකාවට පැමිණ’සිටී. මේ ඒ පැමිණි අවස්ථාවේ ශානුක කරුණාරත්න මෙහෙය වන “මචං” සමග දොඩමළුවකට එක් වූ අවස්ථාවය. ඔහු සමග වූ සියලු‍ ආ ගිය තොරතුරු දැක ගන්න chathamtv යූ ටියුබ් නාලිකාව සමඟ එකතු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *