පාසලට යන කොළඹ කොටස් වෙළඳපොළ

0

රණකාමීන්ගේ යුගය ඉක්ම ගොසිනි. එළඹ ඇත්තේ විතණ්ඩවාදීන්, ආර්ථික විද්‍යාඥයින් හා ගණනය කරන්නන්ගේ යුගයයි. – – Edmund Burke-

එමෙන්ම කාර්මික විප්ලවයේ ජයග‍්‍රහණ අත්කර ගැනීමේ යුගයද ඉක්ම ගොසිනි, දැන් අප පිවිස සිටින්නේ තාක්ෂණ විප්ලවයේ ජයග‍්‍රහණ අත්කර ගැනීමේ යුගයටය. අද අප කල්පනා කරන්නේ කෘත‍්‍රිම බුද්ධිය භාවිතා කිරීම හා බැ`දුණු තාක්ෂණය, ගෝලීය ආර්ථිකය තුළ මුදල් භාවිතය හා බැඳුණු තාක්ෂණය, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සම්පත් කළමණාකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය, ජන ජීවිතයේ යහපත උදෙසා භාවිතා කරන්නේ කෙසේද? යන්න පිළිබඳවය.

අද සීග‍්‍ර වේගයෙන් වර්ධනය වන මූල්‍ය වෙළෙඳපොල ක‍්‍රියාකාරීත්වය හා ඒ තුළ තාක්ෂණය භාවිතා කිරීමේදී, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ඉතා වැදගත් සාධකයකි. ඒ නිසාම අනාගත පරපුර, තාක්ෂණය හා මිශ‍්‍රවූ මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිබල ගැන්වීම පිළිබඳ ජනාධිපතිවරයා ගෙන තිබෙන ප‍්‍රතිපත්තිමය තීරණය අතිශය වැදගත්ය. ඒ අනුව ආරම්භයක් වශයෙන් ජනාධිපති කාර්යාලයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත්, කොළඹ කොටස් වෙළෙඳපොලත්, එක්ව තෝරාගත් පාසල් 100ක උසස් පෙළ හදාරණ සිසුන් සම්බන්ධ කරගනිමින්, ප‍්‍රාග්ධන වෙළෙඳපොල සංගම් පිහිටුවීම ආරම්භ කර ඇත. එහි සමාරම්භය මහනුවර නුගවෙල මධ්‍ය මහ විදුහලේ දී පසුගිය දා සිදුවූ අතර ඊට සමගාමීව පාසල් 100ක ප‍්‍රාග්ධන වෙළෙඳපොල සංගම් ආරම්භ කර ඇත. එම සෑම ප‍්‍රාග්ධන වෙළෙඳපොල

සංගමයක් සඳහාම ආරම්භයේදී ප‍්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය සඳහා රුපියල් 100,000 බැගින් භාවිතා කිරීම පිණිස රුපියල් මිලියන 10ක් ලබාදී ඇත.

එම ප‍්‍රාග්ධන වෙළෙඳපොල සංගම් හරහා පාසල් සිසුන් තරඟකාරීව ප‍්‍රාග්ධන වෙළෙඳපොලේ ක‍්‍රියාකාරකම්වලට යොමු කිරීමත්, ඒ තුලින් තොරතුරු තාක්ෂණය හා වෙනත් තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ආයෝජන අවස්ථා හ`දුනා

ගැනීමටත්, සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමටත් අපේක්ෂිතය. මෙම වැඩසටහන ම`ගින් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ ව්‍යාපර අධ්‍යනය හදාරන සිසුන්ට ප‍්‍රාග්ධන වෙළෙඳපොල කටයුතු පිළිබඳව ප‍්‍රායෝගික අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත.

පාසල් දරුවන්ගේ සාමන්‍ය අත්දැකීම වන්නේ, පාසලේ ක‍්‍රියාත්මකවන ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ ගිණුමක් පවත්වාගෙන යමින් සාමාන්‍ය බැංකු කටයුතු පිළිබඳව දැනුමක් ලබා ගැනීම හා ඉන් පොලියක් ඉපයීමය. ඒ වෙනුවට මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොලේ ආයෝජනය සිදුකර, ලාභ ඉපැයීම පිළිබඳ ආකල්පමය වෙනසක් මෙන්ම ආයෝජන අවස්ථා කෙරෙහි සිසුන්ගේ වුවමණාව පුළුල් කිරීම මෙන්ම මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු වෙනුවෙන් සජීවීව සම්බන්ධ වී ප‍්‍රායෝගික දැනුමක් ලබාදීම මෙම නව ව්‍යාපෘතිය මඟින් වනු ඇත.

මූල්‍ය හා ප‍්‍රාග්ධන වෙළෙඳපොල පිළිබඳව ජනතාව අතර ඇති දැනුමේ හිඟකම නිසා එම අංශය කෙරෙහි දක්වන උනන්දුව ඉතා අල්පය. මේ නිසා, මුල්‍ය වෙළෙඳපොළට යොමුවී ආයෝජනයන් තුළින් වැඩි ආර්ථික ඵලදායිතාවක් ඉපයීමට යොමු නොවේ. බහුතරයක් ජනතාව පුරුදුව සිටිනුයේ මුදල් තැම්පතු පවත්වාගෙන යමින් පොලී ආදායමක් ලැබීමටය.

 ද්‍රවශිලතාවය වැඩි හෙවත් ඉක්මනින් මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ඇති වැඩි පොළි ආදායම් ඇති ස්ථිර තැන්පතු නැතිනම් ඒ හා සමාන ආදායම් ඉපයිය හැකි ක‍්‍රම වෙත යොමුවීමට බොහෝ පිරිස් උනන්දු වේ. එමෙන්ම ප‍්‍රාග්ධන වෙළෙඳපොල ආයෝජනවලින් ඇති වෙතැයි අපේක්ෂිත පාඩු සිදුවීමේ අවදානම පිළිබඳව ඇති බියද මෙයට හේතුවීමට පුළුවන.

අවදානම පිළිබඳ බිය වැළැක්වෙන්නේ එම අයෝජනයන් පිළිබඳව දැනුවත් භාවයේ ඌනතාවය මඟහරවා ගැනීම මතය. දැනුවත්භාවය යනු මූලිකවම මූල්‍ය හා ප‍්‍රාග්ධන වෙළෙඳපොල හැසිරෙන්නේ කෙසේද? යන්න පිළිබඳව ඇති අවබෝධය හා අනාගතයේ සිදුවන්නේ කුමක්ද? යන්න අවබෝධ කරගෙන අද තීරණ ගැනීමට ඇති පුරුද්ද ඇති කර ගැනීමය. එය ආර්ථික විද්‍යාවේදී හ`දුන්වන්නේ අනාගතයේ මුදල් වෙළෙඳපොල හැසීරීම උපකල්පිතව සලකා අද තීරණ ගැනීමක් වශයෙනි. එය මුදල් වෙළෙඳපොල ක‍්‍රියාකාරීන් සිදු කරන දෙයකි. එබැවින් මෙය බැංකුවක ස්ථිර තැම්පතුවක් පවත්වාගෙන ගොස් කල් පිරෙන අවස්ථාවේ ලබන ලාභය ලබා ගැනීම යන කාරණය ඉක්මවා ගිය තර්කාන්විත ව්‍යාපාරයකි. එබැවින් මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට සමාන්‍ය ජනතාව අතර ඇති අකමැත්ත එක් අතකින් සාධාරණය.

එසේ මූල්‍ය වෙළෙඳපොල හා ප‍්‍රාග්ධන වෙළෙඳපොල කටයුතුවලට සම්බන්ධවීම පිළිබඳව සමාජයේ පවතින අල්පතර දැනුම වැඩිදියුණු කිරීමට පාසල් දරුවන්ගේ මට්ටමේ සිට ආරම්භයක් ගැනීම තුළ ඇති වන වාසි කීපයකි. මේ මූල්‍ය හා ප‍්‍රාග්ධන වෙළෙඳපොල තවමත් මැජික් එකක් වී තිබෙන තත්වය වෙනස් වෙයි. ඒ අනුව ඊට ඇති බය පහව යයි. ව්‍යාපාර කළමණාකරණය, මුල්‍ය කළමණාකරණය, අවදානම් කළමණාකරණය ගැන

ප‍්‍රායෝගික දැනුමක් ලැබේ. අනියමින් හෝ මහා පරිමාණ ව්‍යාපාර ව්‍යාපෘති සමඟ සම්බන්ධවීම සිදුවෙයි. ඒවායේ ආයෝජනයට යොමු වෙයි. එමෙන්ම රටේ ලෝකයේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන විශාල දැනුමක් නිරායාසයෙන්ම අත්පත්කර ගත හැකිය. එසේම උසස් පෙළින් හෝ උසස් අධ්‍යාපනයෙන් පසුව මෙම දරුවන්ට මූල්‍ය වෙළෙඳපොලේ හා ප‍්‍රාග්ධන වෙළෙඳපොලේ සම්බන්ධ රැුකියා අවස්ථා හිමිකර ගැනීම සඳහා අවස්ථාවන් ද මෙයින් ලැබෙනු ඇත. තමන්ගේ දැනුම බෙදා හදාගැනීමෙන් තවතවත් පිරිස මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජනයන් කෙරෙහි යොමු කරවීමට ද හැකි වනු ඇත.

දශක 4කට වැඩි කාලයක් ක‍්‍රියාත්මක විවෘත ක‍්‍රමය තුළ අද වනවිට ආර්ථිකයේ කෘෂිකාර්මික, කාර්මික අංශයන්ගේ දායකත්වය යටපත් කරමින් සේවා අංශය වැදගත්ම අංශය බවට පත්ව ඇත. සේවා අංශයේ ප‍්‍රධාන සංරචකවන බැංකු, මූල්‍ය, සංචාරක සහ සිල්ලර වෙළඳාම, තොරතුරු තාක්ෂණ යන අංශයන්ගේ සේවා නියුක්තිය ශ‍්‍රම බලකායෙන් සියයට 45 ක් වන අතර සේවා අංශය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 60 ක පමණ දායකත්වයක් සපයයි.

සේවා අංශය ආර්ථිකයේ වැදගත්කම අත්කරගෙන තිබෙන්නේ, ඒ තුළ ක‍්‍රියාත්මක මූල්‍ය හා ප‍්‍රාග්ධන අංශ, සමස්ත ආර්ථික ක‍්‍රියාකාරීත්වයටම දක්වන දායකයත්වය නිසාය. ආර්ථිකයේ සියළුම අංශ වලට මූල්‍ය පහසුකම් හා ප‍්‍රාග්ධනය සම්පාදනයට, ක‍්‍රමික හා අඛණ්ඩ වැඩපිළිවෙලක් පවත්වාගෙන යාමට මූල්‍ය හා ප‍්‍රාග්ධන වෙළෙඳපොල ක‍්‍රියාකාරීත්වය වැදගත්ය.

ලිපියේ ඉහත අවස්ථා කීපයකදීම ‘මූල්‍ය වෙලෙඳ පොළ‘ යන වචනයත් ‘ප‍්‍රාග්ධන වෙළෙඳපොල‘ යන වචනයත් කියවිනි. එහි වෙනසක් ඇත. ආර්ථික විද්‍යා දෘෂ්ඨියෙන් මෙය විග‍්‍රහ කරන්නේ නම් එය මෙසේය. මූල්‍ය වෙළෙඳපොලේ දී සිදුවන ආයෝජන ක‍්‍රම වසරකට අඩු පරිණත කාලයක් සහිත ‘ණය උපකරණ‘ වන අතර ඒවා කෙටි කාලීනව පොලියක් ඉපයීමට ඇති වත්කම්ය. මෙම ණය උපකරණ අතරට භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත‍්‍ර තැම්පතු සහතික ආදිය ඇතුලත්වේ. මූල්‍ය වෙළෙඳපොල ප‍්‍රධානම කාර්යය වන්නේ ආර්ථිකයේ ද්‍රවශිලතාවය පවත්වාගෙන යාමට උදව්වීමය.

මෙයට වෙනස්ව ප‍්‍රාග්ධන වෙළෙඳාපොල කටයුතු කරයි. එනම් ආර්ථිකයේ ක‍්‍රියාකාරීත්වය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලට අවශ්‍ය දිගුකාලීන අරමුදල් පහසුකම් සැපයීම සඳහා ප‍්‍රාග්ධන වෙළෙඳපොල විවිධ ‘ආයෝජන උපකරණ‘ භාවිතා කරයි. එනම් භාණ්ඩාගාර බැඳුම්කර, පෞද්ගලික ණය සුරැුකුම්පත්, හා ව්‍යාපාර කොටස් මෙම උපකරණයි. මේවා වසරකට වැඩි කාලයකදි කල්පිරෙන මූල්‍ය වත්කම් වන නමුත් ව්‍යාපාර කොටස් කල්පිරීමක් නොවන අතර ඒවා වෙනත් පාර්ශයකට පැවැරීමක් පමණක් කිරීමට පුළුවන.

උසස් පොළ වාණිජ විෂය ධාරාව හදාරන පාසල් සිසුන් සම්බන්ධකර ගනිමින් පිහිටුවන ලද ‘ප‍්‍රාග්ධන වෙළෙඳපොල සංගම්‘ හරහා ආරම්භයේදී සිදු කරන්නේ කොටස් වෙළෙඳපොළ

ගනුදෙනු සඳහා සිසුන් දැනුවත් කරමින් ප‍්‍රායෝගිකව යොමු කිරීමය. එහිදී පාසල් ප‍්‍රාග්ධන සංගම්වලට රජයෙන් ලබාදී ඇති රුපියල් 100,000ක මුදල කොටස් වෙළෙඳපොළ හැසිරීම් තාර්කිකව අධ්‍යනය කර කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලට ගනිමින් ආයෝජනය කිරීමට පුළුවන. එහිදි වසරක් අවසානයේ ලබන පාසල් ප‍්‍රාග්ධන සංගම් ලබන ලාභය මෙන්ම තාර්කිකව අයෝජනය කිරීම වැනි කරුණු සලකා බලා හොඳම ආයෝජනය සිදුකර ඇති පාසල් ප‍්‍රාග්ධන සංගමයට

සිංගප්පූරුවේ කොටස් වෙළෙඳාපාල අධ්‍යනය සඳහා යාමට රජය මගින් අවස්ථාවක ලබා දෙනු ඇත.

මේ අනුව ආර්ථිකයේ ක‍්‍රියාකාරීත්වයට පහසුකම් සපයන ශක්තිමත් ප‍්‍රාග්ධන වෙළෙඳපොලක් අවශ්‍ය දැනුම හා පුහුණුව ඇති ශ‍්‍රම බලකායක් හා ආයෝජන සඳහා උනන්දුව ඇති සමාජයක් බිහිකිරීමට ආරම්භය පාසල් මට්ටමින් ගැනීම වැදගත්ය.

කොටස් වෙළඳපෙළෙට පිවිසෙන මඟ

කොළඹ කොටස් වෙළෙඳපොල යනු මෙරට ක‍්‍රියාත්මක වන කොටස් වෙළෙඳපොලයි. කොටස් වෙළෙඳපොලක් තිබීම ප‍්‍රාග්ධන වෙළෙඳපොලේ ක‍්‍රියාකාරීත්වයට වැදගත්ය. ප‍්‍රාග්ධන වෙළෙඳපොල කොටස් 2කි. එකක් ප‍්‍රාථමික වෙළෙඳපොළ වන අතර අනෙක ද්විතියික වෙළෙඳපොලයි. ප‍්‍රාථමික වෙළෙඳපොලට යනු යම් සමාගමක කොටස් කෙළින්ම මිලට ගන්නා ආයතනවලින් සමන්විත වෙළෙඳපොලයි. නමුත් ප‍්‍රාථමික වෙළෙඳපොල ක‍්‍රියාකාරීන් මිලට ගන්නා කොටස් නැවත අදාල සමාගමට පැවැරීමට නොහැකි අතර එය ද්වියිතික වෙළෙඳපොලට ඉදිරිපත්කර වෙනත් අයෙක්ට විකිණිමට පුළුවන. මෙම ද්වියිතික වෙළෙඳපොල කටයුත්ත සිදුවන්නේ කොටස් වෙළෙඳපොලේදීය.

කොටස් වෙළෙඳපොලට පැමිණ කොටස් මිලට ගැනීමට නම් පළමු අදාල පුද්ගලයා ලියාපංචිවීමේදී තමන් මිලට ගන්නා කොටස් සඳහා ගෙවන මුදල් තැම්පත් කිරීමට සඳහා ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍යයය. එය සුරැුකුම්පත් ගිණුම හෙවත් ක්‍ෘී ගිණුම වශයෙන් හදුන්වයි. ඒ අනුව මෙරට තිබෙන සියලූ‍ ව්‍යාපාර සමාගම් ක්ෂේත‍්‍ර 20ට බෙදා ඇති අතර කොටස් නිකුතුව සඳහා ලැයිස්තුගත වී ඇති ව්‍යාපාර සමාගම් ගණන 300ක් පමණ වේ. මේවායේ ආයෝජනය සඳහා පැමිණෙන අයෝජකයින්ට (ජනතාවට* අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, පහසුකම් සැපයීමටත් ආයෝජන ක‍්‍රියාවලියේ අතරමැදියන් ලෙස කටයුතු කිරීමටත් ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ම`ගින් බලපත‍්‍ර ලබාදුන් තැරැුව්කාර ආයතන 15ක් කටයුතු කරනු ලබයි.

එමෙන්ම කොටස් වෙළෙඳපොලේදී ගනුදෙනු සිදු වන්නේ ස්වයංක‍්‍රීයවය. මෙය ්මඑදප්එසදබ ඔර්ාසබට ීහිඑැප වශයෙන් හඳුන්වයි. උදාහරණයක් ලෙස කිසියම් සමාගමක කොටස් 100ක් සතු අයෙක් එය විකිණිමට තීරණය

කරන්නේ නම්, එහිදී විකුණුම් ඇණවුම් 100ක් ඇතැයි සැලකේ. එම කොටස් 100 මිලට ගැනීමටත් මුදල් තම ක්‍ෘී ගිණුම්වල ගිණුම්ගත කර ඇති පුද්ගලයින් ගැණුම් ඇනවුම්කරුවන් ලෙස හදුන්වයි. අදාල සමාගම කොටස් 100ක් අළෙවි කිරීමේ තක්සේරු මිල හා ගැනුම්කරුවන්ගේ ගැනුම් මිල සමපාත වන විට එම ගනුදෙනුව අදාල පද්ධතිය හරහා ස්වයංක‍්‍රීයව සිදුවේ.

මෙහිදී තැරැුව්කාර ආයතනවලින් හොඳ ව්‍යාපාර කොටස් තෝරාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන අතර, කාලීනව ආයෝජනය වැදගත් ක්ෂේත‍්‍ර, වර්ධනය වෙමින් පවතින ක්ෂේත‍්‍ර, එම ක්ෂේත‍්‍ර යටතේ පවතින සමාගම් ලාභ ලබන ඒවාද පාඩු ලබන ඒවාද, අදාල කොටස් හිමි ආයතනවල කොටස්වල මිල අවතක්සේරුවී තිබේද? අධි තක්සේරුවී තිබේද? ආදි දැනුවත් කිරීම් දැන ගැනීමටත්, නවකයින්ට අදාල ගණනය කිරීම් මෙන්ම ඔවුන් වෙළෙඳපොලේ කර ඇති පර්යේෂණ ආදියේ ප‍්‍රථිපල දැන ගැනීමටත් ප‍්‍රයෝජනවත් වනු ඇත. ඒ අනුව අදාල කොටස් තෝරාදීම හා අදාල ගනුදෙනුව සිදුකිරිමට පහසුකම් සැලසීමක් මෙම තැරැුව්කාර ආයතනවලින් සිදුවේ.

මෙයට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොල විසින් ද විවිධ සම්මන්ත‍්‍රණ හා වැඩමුළු මාර්ගයෙන් කරන දැනුවත් කිරීමේ වැඩ සටහන්වලදී අළුතින් කෙනෙකුට කොටස් වෙළෙඳපෙලට පිවිසීමේදී ලැබිය යුතු පුහුණුව හා තොරතුරු ලබා දෙනු ඇත.

  • සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *