නාවක්කාඩු වෙරළකට ගොඩ ගැසූ මිනිමුතු මෝරා

මාදැලකට හසු වි නාවක්කාඩු වෙරළකට ගොඩ ගැසූ දැවැන්ත මීනිමුතු මෝරකු නාවික හමුදා මැදිහත්වීමෙන් මුදා ගෙන තිබෙයි.

මෙම මිනිමුතු මෝරා දිගින් අඩි 38 කට හා බරින්  කිලෝ 4,000 පමණ වන බව පැවසෙයි

ගොඩට ආ මෝරා ව මාදැලේ හිමිකරුවන් හා ආසන්නයේ සිටි ධිවරයින් පිරිසක් මුහුදට යැවිමට කටයුතු කර තිබුණද එය නොහැකි වී තිබුණි

පසුව එම ස්ථානයට පැමිණි නොරෝච්චෝල පොලිසිය හා ඉලන්තඩිය වනජීවි නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමේන් පසු මෙම මිනිමුතු මෝරා, මුහුදට රැගෙන ඇදගෙන යාමට වෝටර් ජේට් යාත්‍රාවකින් කඹ ආධාරයෙන් මහ මුහුදට රැගෙන යාමට හැකිවු බවයි පොලිසිය පවසයි.